Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කළ වයස 19 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ I කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. ශාන්ත ජෝෂප් විදුහල මෙම තරගාවලියේ ශූරතාව දිනාගත්තේ වසර 21 කට පසුව වීම සුවිශේෂී සිදුවීමකි.
රාජගිරිය ජනක රණවක ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගෝල 2-1 ක් ලෙස කළුතර සිරි කුරුස විදුහල පරාජය කරමින් ඔවුහු මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබා සම තත්ත්වයේ පසු වූ අතර ජෝෂප් විදුහල වෙනුවෙන් 16 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට අසේල මධුෂාන් සමත් විය.
කෙසේ වුවත් 28 වැනි මිනිත්තුවේදී එම විදුහලේම මයුරක පෙරේරා, අත්වැරදීමකින් සිය දැළ වෙතම පන්දුව යොමු කිරීම නිසා සිරි කුරුස විදුහලට ගෝලයක් හිමි වූ අතර පළමු අර්ධය ගෝල 1-1 ක් ලෙස නිමාවට පත් විය.
දෙවැනි අර්ධයේදීද දෙපිලම කරට කර තරගයක නිරත වූ අතර 62 වැනි මිනිත්තුවේදී තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ජෝෂප් විදුහලේ අමිල ධනංජය සමත් විය. ජෝෂප් විදුහල වෙනුවෙන් පළමු ගෝලය ලබාගත් අසේල මධුෂාන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
අවසන් පූර්ව වටයේදී දඬුවම් පහර 4-3 ක් ලෙස කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල පරාජය කරමින් ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සිරි කුරුස විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ගෝල 2-1 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරමිනි.
තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ගෝල 1-0 ක් ලෙස හමීඞ් අල් හුසේනි විදුහල පරාජය කිරීමට මාරිස්ටෙලා විදුහල සමත් වූ අතර මාරිස්ටෙලා විදුහල වෙනුවෙන් තරගයේ 45 වැනි මිනිත්තුවේදී නිසල් තාරින්ද එම ගෝලය ලබාගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.