Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු සභාපති අනුර

පාපන්දු සභාපති අනුර

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා වශයෙන් අනුර ද සිල්වා මහතා තේරී පත්විය. කොළඹ පදනම් ආයතනයේදී අද (23 වැනිදා) පැවැති නිලවරණයේදී වැඩි ඡන්ද 33 කින් රූමි පකීර් අලි මහතා පරාජය කළ අනුර ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙසින් පත්විය.

අනුර ද සිල්වා මහතා ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයකු වන අතර පාපන්දු සම්මේලනයේ හිටපු විධායක සභිකයෙකි. රූමි පකීර් අලි මහතා ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු දැළ රකින්නාය. අද පැවැති නිලවරණයේදී අනුර  ද සිල්වා මහතාට ඡන්ද 88 ක් ලැබුණු අතර රූමි පකීර් අලි මහතාට ඡන්ද 50 ක් ලැබිණ.

ලේකම් තනතුර සඳහා ක්ලෙමන්ට් ද සිල්වා මහතා (53) සමග තරග කළ බාලේන්ද්‍ර ඇන්ටනි (84) මහතා වැඩි ඡන්ද 31 කින් එම තනතුර සඳහා තේරී පත්විය.

මෙම නිලවරණයේදී තේරී පත්වූ සෙසු නිලධාරීන් මෙසේය.


උපසභාපතිවරු : කේ. පී. පී. පතිරණ, ධම්මික කාරියවසම්, නලින් ද සිල්වා, ඊ. ඇන්තනිපිල්ලේ සහ රොබට් පීරිස් යන මහත්වරු
භාණ්ඩාගාරික : එම්, ෆස්ලාන් මහතා.
උප භාණ්ඩාගාරික : සාගර පියතිලක මහතා.
උප ලේකම්වරු : යූ. එල්. ජස්වර් සහ එම්. ෆායිස් යන මහත්වරු

 

 


අදහස් (0)

පාපන්දු සභාපති අනුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.