Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හමීඞ් අල් හුසේනි විදුහලේ 80’ කණ්ඩායම සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය ලබන ජනවාරි මාසයේදී කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
නමවැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අරාධිත පාසල් කණ්ඩායම් 20 ක් සහභාගී වීමට නියමිතය. කොළඹ ආනන්ද විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක, කොළඹ නාලන්දා විදුහල, කොළඹ රාජකීය විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, ගම්පොල සහිරා විදුහල සහ සත්කාරක කොළඹ හමීඞ් අල් හුසේනි විදුහල ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී.
තරගාවලියේ ශූරතාව, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් වලට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිතය. ඊට අමතරව හොඳම දැළ රකින්නාට, වැඩිම ගෝල ලබන කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටියි.
ඡායාරූපය (වමේ සිට) - එම්. එච්. එම්. ඉක්බාල් (තරගාවලි සංවිධායක කමිටු සභාපති), හරූන් අහමඞ් (80’ කණ්ඩායමේ අනුසාසක), එම්. එස්. එම්. ෆයිසාල් (විදුහල්පති), ලහීර් සාලි (80’ කණ්ඩායමේ සභාපති), එම්. බී. එම්. සබීර් (80’ කණ්ඩායමේ ලේකම්) සහ මොහොමඞ් මුෆ්ෂිද් (කී‍්‍රඩා කමිටු සභාපති)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.