Last Update  :  2025-03-29 21:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පුනරුදයේ දැක්ම පාපන්දු අවසන් තරගය ඉරිදා

පුනරුදයේ දැක්ම පාපන්දු අවසන් තරගය ඉරිදා

editorial - 2025 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරය දිස්ත්‍රික් පාපන්දු  සංගමය, පුනරුදයේ දැක්ම ක්‍රීඩා පදනම සංවිධානය සමග එක්ව සංවිධානය කරන අනුරාධපුරය දිස්ත්‍රික් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා  (30) පස්වරු 3.30 ට අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රජරට ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජ දෙකක් වන පුබුදුපුර යංග් සැඩෝස් කණ්ඩායම හා දේවානම් පියතිස්සපුර  කස්තුරි කණ්ඩායම ඒ සදහා නිර්දේශ ලබා සිටියි.

මෙහි තෙවැනි ස්ථානය තේරීමේ තරගය සුපර් වොරියස් කණ්ඩායම හා ස්ටාර් ෆැරගන් කණ්ඩායම අතර  හෙට (29) පස්වරු 3.30 ට පැවැත්වේ.තරගාවලියේ ශූරයන්ට රුපියල්  50000 ක්ද, අනුශූරයන්ට රුපියල් 25000 ක්ද ප්‍රදානය කෙරේ.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානෝත්සවය සිදු කෙරේ. පුනුරුදය දැක්ම ක්‍රීඩා පදනමේ සභාපති අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වෙති.

අවසන් මහ තරගයට සහභාගි වන කස්තුරි කණ්ඩායමේ නායකයා ලෙස එස්. කර්තික් හා පුහුණුකරු ලෙස එස් ඒ..ජස්ලි හා කළමනාකරු ලෙස ඩබ්. රාජේෂ් යන මහත්වරු කටයුතු කරති. සුපුන් ලක්මාල් බණ්ඩාර යංග් සැඩෝස් කණ්ඩායමේ නායකත්වය දරයි.එහි පුහුණුකරු ලෙස රංජිත් හෙට්ටිආරච්චි හා කළමනාකරු ලෙස නලීන් බස්නායක යන මහත්වරු කටයුතු කරති.

කණ්ඩායම් 13 ක් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.

 

පුබුදුපුර යංග් සැඩෝස් කණ්ඩායම

 

දේවානම් පියතිස්සපුර  කස්තුරි කණ්ඩායම

- 223


අදහස් (0)

පුනරුදයේ දැක්ම පාපන්දු අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.