Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ, බැද්දගාන ජාතික පාපන්දු සංකීර්ණ භූමිභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගිවිසුම් ප‍්‍රකාරව කටයුතු කර තිබෙන බැවින් කෝට්ටේ පුරපතිවරයාගේ ප‍්‍රකාශයට පදනමක් නැතැයි එම සම්මේලනයේ මුදල් කමිටුවේ සභාපති හා මාධ්‍ය ප‍්‍රකාශක රංජිත් රුද්‍රිගු මහතා පවසයි.
ඒ අනුව කිසිදු ලිඛිත විමසීමක් හෝ දැනුම්දීමක් නොකරමින් බැද්දදගාන පාපන්දු සංකීර්ණ භූමිභාගය පවරා ගැනීමට කෝට්ටේ මහ නගර සභාව ගන්නා කවර උත්සහයක් වූවත් නීත්‍යානුකූල නොවන බව ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදීය.
මේ සම්බන්ධයෙන් රංජිත් රුද්‍රිගු මහතා මෙසේද පැවසීය. ‘‘ගිවිසුම් ගතවීමේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සියලූ පෙර ගෙවීම් ගෙවා අවසන් කර තිබෙනවා. එහිදී පෙර ගෙවුම වන රුපියල් 2592634 ශත 89ක් වන මුදලක්ද වාර්ෂික බදු මුදල වන රුපියල් දසදහසක් බැගින් වසර 31කට රුපියල් 361,328 ශත 40ක මුදලක්ද එකවර ගෙවා තිබෙනවා.
එම ගෙවීම් වසර 2003 මැයි 20 හා 21 යන දෙදිනකදී ගෙවා සම්පූර්ණ කර තිබෙනවා. ඒ විතරක් නෙමේ මේ වසරට නියමිත රුපියල් 89998 ශත 89ක් වන බදු මුදල පසුගිය මාර්තු 31 වැනිදාට පෙර ගෙවා අවසන් කිරීමට පාපන්දු සම්මේලනය කටයුතු කළ බැවින් කෝට්ටේ නගර
සභාවෙන් ඊට %10ක වට්ටමකුත් ලැබුණා. මෙහෙම ප‍්‍රශ්නයක් තිබුණා නම් වසර 12ක් තිස්සේ නගර සභාව නිහඬව හිටියේ ඇයිද කියන එකත් ප‍්‍රශ්නයක්. ඒ අනුව පැහැදිලියි පාපන්දු සම්මේලනය පාර්ශවයෙන් ගිවිසුම කඩවීමට කිසිදු බලපෑමක් ඇති නොවී තිබෙන බව’’
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.