Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ මහ නගර සභාව සහ ජෙට් ලයිනර්ස් ක‍්‍රීඩා සමාජය එක්ව මෙහෙයවන ගම්පහ පුරපති ‘එරංග සේනානායක අභියෝග කුසලාන’ විවෘත සත් සාමාජික පාපන්දු තරගාවලිය අද (2) පෙරවරු 9.30 සිට ගම්පහ මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ අවසන් මහ තරගය විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජයග‍්‍රාහී කණ්ඩායමට රුපියල් 60,000 ක් සමගින් ගම්පහ පුරපති අභියෝග කුසලානය පිරිනමන අතර අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් 30,000 ක් සමග අනුශූරතා කුසලානය පිරිනැමේ. දක්ෂතම ක‍්‍රීඩකයා සහ දක්ෂතම දැල් රකින්නාට ද විශේෂ ත්‍යාග පිරිනැමේ.
කණ්ඩායම් 30 ක් පමණ ඉදිරිපත්ව සිටින මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0773681807 (විශ්ව) ඔස්සේ ලබාගත හැකිය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.