Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පුහුණුකරුවෝ ‘සී’ කාණ්ඩයේ පාඨමාලාව හදාරති

පුහුණුකරුවෝ ‘සී’ කාණ්ඩයේ පාඨමාලාව හදාරති

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන පාපන්දු පුුහුණුකරු පාඨමාලාවේ ‘සී’ කාණ්ඩයේ සහතිකපත‍්‍ර පාඨමාලාවක් පසුගියදා බැද්දගාන ජාතික පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

ආසියානු පාපන්දු සම්මේලනයේ උපදේශක ඉරාන ජාතික නදිර් අරබි මහතා විසින් මෙම පාඨමාලාව මෙහෙයවන ලදි. මේ සඳහා දිවයින පුරා සිටින ක‍්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් පාපන්දු පුහුණුකරුවෝ 21 දෙනෙක් සහභාගිවුහ.

මෙම පාඨමාලාවේදී පාපන්දු සම්මේලනයේ තරග තීරකවරුන්ගේ අධ්‍යක්ෂ ඒ. එම්. යාපා සහ වෛද්‍ය ලාල් ඒකනායක මහතා විසින් ක‍්‍රීඩකයන්ගේ පෝෂණය, කායික සහ මානසික ගැටලූ අවම කිරීම උදෙසා විශේෂ දේශනයක්ද පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ අධ්‍යක්ෂ චමින්ද ස්ටේන්වෝල් මහතාගේ උපදෙස් පරිදි තාක්ෂණික දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව පැවැති මෙම පාඨමාලාවට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අනුග‍්‍රහය දැක්වීය.

 

 

 

 

 

 

 

 


- 090

 


අදහස් (0)

පුහුණුකරුවෝ ‘සී’ කාණ්ඩයේ පාඨමාලාව හදාරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.