Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේදී අනිද්දා (8) ආරම්භවන ‘බංග බන්දු කුසලාන’ පාපන්දු තරගාවලියට සහභාගිවීම සදහා ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (6) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. තරගාවලිය මෙම 20 වැනිදා දක්වා ඩකා බංග බන්දු ක‍්‍රීඩාංගණයේ සහ ජේසර් සම්ස් උල් හුඩාස් යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ.
ක‍්‍රීඩකයන් 22 නෙකු ගෙන් සමන්විත සංචාරක ශ‍්‍රී ලංකා පාපන්දු පිලේ නායකයා ලෙස කවිඳු ඉෂාන් කටයුතු කරයි.
සත්කාරක බංග්ලාදේශය, මැලේසියාව, නේපාලය, ශ‍්‍රී ලංකාව, බහරේන්, බංග්ලාදේශ ඔලිම්පික් පිල, කාම්බෝජය සහ මාලදිවයින යන කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගිවේ.
පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලිය පෙර සුදානම් තරගාවලියක් ද වේ. ඉකුත් දා ඉන්දියාවේ දී පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී ශ‍්‍රී ලංකා පාපන්දු පිල අවසන් පුර්ව වටයේදී ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය විය.
සංචාරක ශ‍්‍රී ලංකා පාපන්දු පිල:
කවිඳු ඉෂාන් (නායක), මොහොමඞ් රහුමාන්, චතුරංග සංජීව, වික්ටර් ජෙම්ස්,, සුපුන් ප‍්‍රනාන්දු, ධනුෂ්ක රාජපක්‍ෂ, ප‍්‍රභාත් රුවන් අරුණසිරි, මොහොමඞ් හකීම්, සුභාෂ් මධුෂාන්, චතුරංග මධුෂාන්, රොෂාන් නාලක, මොහොමඞ් නුෂ්කාන්, එස්.නානරූබන්, සංඛ ධනුෂ්ක විජේසිරි, චලන චමීර, නිපුන බණ්ඩාර, මධුෂාන් ද සිල්වා, චමීර සජිත් කුමාර, මොහොමඞ් සහීල්, ශ්‍යාම් ගුඞ්වින්, සුන්දරරාජ් නිරේෂ්, සුනිල් රොෂාන් සහ දුමිඳු වසන්ත
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.