Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්ලැටර්ට එරෙහි පරීක්‍ෂණ ඇරඹෙයි

බ්ලැටර්ට එරෙහි පරීක්‍ෂණ ඇරඹෙයි

Dilrukshi - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජෝෂප් බ්ලැටර් මහතාට එරෙහි දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදුවූයේ යැයි කියන වංචා, දුෂණ හා අල්ලස් චෝදනා සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට සමගාමීව බ්ලැටර් මහතා සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

හිටපු සභාපතිවරයාට එරෙහිව පරීක්ෂණ කෙරෙන බවට පුවත් වාර්තා වූයේ ඒ මහතා එම තනතුරෙන් ඉවත් වී පැය කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙනි.

ඇමෙරිකා එක්සත් ජනපද නීති නිලධාරීහු අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හත් දෙනකුට එරෙහිව ඉකුත් සතියේදී අපරාධ පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ අනුව ස්විට්සර්ලන්තයේදී නිලධාරීන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි. එලෙස අත්අඩංගුවට පත්වූ නිලධාරීන් හත්දෙනා අධි චෝදනා එල්ල වූ 14 දෙනකුගේ කණ්ඩායමේ කොටසකි.

එම නිලධාරීන් හත් දෙනා අත්අඩංගුවට පත්වී දින දෙකකට පසුව පස්වැනි වරටත් බ්ලැටර් මහතා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස තේරී පත්විය. කෙසේ නමුත් තමාට ලැබුණු වරමට ලොව පුරා සියලූ දෙනාගේ සහයෝගය ලැබී නැතැයි මුල් පුටුවෙන් ඉවත් වෙමින් බ්ලැටර් මහතා පැවසීය.    

”අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට ඉතා ගැඹුරු හා දුරවබෝධයකින් යුතු ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි” යැයිද බ්ලැටර් මහතා පැවසීය.
නව සභාපතිවරයකු පත්කරගැනීමට අතිවිශේෂ සමුළුවක් පවත්වා නිලවරණයක් කැඳවන තෙක් තමන් තවදුරටත් තනතුරේ රැඳි සිටින බවද ඉල්ලා අස්වෙමින් බ්ලැටර් මහතා පවසා ඇත.

නව සභාපතිවරයකු පත්කරගැනීම සඳහා නිලවරණයක් සඳහා මේ වනතෙක් දින නියමකර නැති අතර එය මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට 2016 වසරේ මාර්තු මාසය දක්වා කාලය අතරතුරදී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

-055

 


අදහස් (0)

බ්ලැටර්ට එරෙහි පරීක්‍ෂණ ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.