Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව සහ බෲනායි රාජ්‍යය අතර ඊයේ (11) බන්දාර් - සෙරි බගවාන් නුවරදී පැවැති දෙවැනි ජාත්‍යන්තර පාපන්දු තරගයෙන්ද ශ්‍රී ලංකාව බෲනායි - දරුසලාම් රාජ්‍යය හමුවේ ගෝල 1 - 0 ක පරාජයක් ලැබීය. සෙනසුරාදා (8) එහිදීම පැවැති පළමු සුහද ජාත්‍යන්තර තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ ගෝල 1 - 0 ක් පරිදිය.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ බෲනායි සංචාරය මෙම තරගාවලියත් සමගින් නිමාවට පත්වූයේය.
දෙවැනි තරගයේදී බෲනායි පිල වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය 37 වැනි විනාඩියේදී වාර්තා විය. එම ගෝලයෙන් ඔවුන් 1 - 0 ක් ලෙස තරගයේ පළමු භාගයේදී පෙරමුණ ගැනීමටද සමත් විය. පළමු තරගයේදීත් බෘෘනායි පිල වෙනුවෙන් ගෝලය ලබාගත් බෲනායි කණ්ඩායමේ නායක අස්වාන් බින් අලි අඟහරුවාදා තරගයේදීත් ගෝලය ලබාගත්තේය.
අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේද බෲනායි රාජ්‍යය 194 වැනි ස්ථානයේද සිටිති.
ශ්‍රී ලංකාව ලබන සැප්තැම්බර් මාසයේදී කාම්බෝජයට එරෙහිව තරග දෙකකට සහභාගි වීමට නියමිතය. ඒ ආසියානු කුසලාන( 2027) සුදුසුකම් අවසන් තරග වටයේ තරග දෙකකට සභභාගි වීම සදහාය. සැප්තැම්බර් 5 වැනිදා කොළඹදීත් සැප්තැම්බර් 10 වැනිදා කාම්බෝජයේ පොනොම් - පෙන් නුවරදීත් එම තරග දෙක පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.