Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන දකුණු කොරියා - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව වයස 19 න් පහළ පාපන්දු තරගාවලිය අද (16 වැනිදා) ඇරැඹෙයි.
තරගාවලියට දිවයිනේ ලීග 58 කින් කණ්ඩායම් ඉදිරිපත්ව සිටිති.
දකුණු කොරියානු තානාපති කාර්යාලය අනුග‍්‍රහය දක්වන මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක (100,000) ක මුදල් ත්‍යාගයක් සමගින් කුසලානය පිරිනැමේ. අනුශූරයන්ට රුපියල් 50,000 ක් ප‍්‍රදානය කෙරේ.
පාපන්දු සම්මේලනයේ ලීග 71 ක් ලියාපදිංචිව සිටියද ලීග 10 ක වයස 19 න් පහළ කණ්ඩායම් ක‍්‍රියාත්මක නොවන බව පාපන්දු සම්මේලනයේ මාධ්‍ය ප‍්‍රකාශක රංජිත් රුද්‍රිගෝ මහතා පැවසීය.
තරගාවලියේ දෙවැනි වටය මෙම 30 වැනිදාද පෙර අර්ධ අවසන් පුර්ව වටය පෙබරවාරී මස 13 වැනිදාද පැවැත්වීමට නියමිතය. අර්ධ අවසන් පුර්ව වටය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ පෙබරවාරී මස 20 වැනිදාය. ඉදිරි මාස දෙකක කාලයකදී තරගාවලිය අවසන් කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි.
පසුගිය වසරේදී යාපනය ලීග පිල විසින් ශූරතාව දිනාගන්නා ලද අතර මහනුවර ලීග පිල අනුශූරතාව හිමිකර ගත්තේය.
දකුණු කොරියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් යංග් හෝ ලී මහතා විසින් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේනලයේ සභාපති අනුර ද සිල්වා මහතාට මිත‍්‍රත්ව කුසලානය පිරිනමන ලද අවස්ථාව
ඡායාරූපය : වරුණ කරුණාසේකර
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.