Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ජනාධිපති කුසලාන’ ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කඳාන ද මැසිනොද් විදුහල අද (11 වැනිදා) සමත් විය.
කොළඹ සිටි ලීග ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෝල 2-0 ක් ලෙස කළුතර සිරි කුරුස විදුහල පරාජය කරමින් මැසිනොද් විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
තරගය ආරම්භ වී මිනිත්තු 3 ක් ගතවන විට මැසිනොද් විදුහල වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට එස්. ටී. නිම්ෂාන් සමත් විය. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් ලබාගැනීමට සිරි කුරුස විදුහල් ක්‍රීඩකයෝ අපොහොසත් වීම නිසා ගෝල 1-0 ක් ලෙස මැසිනොද් විදුහලට පෙරමුණ අත්කර දෙමින් පළමු අර්ධය නිමා විය.
තරගයේ 52 වැනි මිනිත්තුවේදී මැසිනොද් විදුහල වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කිරීමට ටී. එෆ්. ගුණසේකර සමත් විය. නියමිත කාලය අවසන් වන තෙක්ම එකදු ගෝලයක් හෝ ලබාගැනීමට සිරි කුරුස විදුහලට නොහැකි වූ නිසා මැසිනොද් විදුහලට ගෝල 2-0 ක පහසු ජයක් හිමිවිය.
තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරග 3 ක් හෙට (12 වැනිදා) කොළඹ සිටි ලීග ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී මීගමුව මාරිස්ටෙලා විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලද, පුත්තලම සහිරා විදුහලට එරෙහිව කොළඹ ලුම්බිණි විදුහලද, කොළඹ හමීඞ් අල් හුසේනි විදුහලට එරෙහිව කොළඹ නාලන්දා විදුහලද තරග වැදීමට නියමිතය.
මාරිස්ටෙලා විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට පළමු අවසන් පූර්ව තරගයේදී මැසිනොද් විදුහල සමගින් තරග වැදීමට සිදුවේ.
සහිරා විදුහල සහ ලුම්බිණි විදුහල අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම, හමීඞ් අල් හුසේනි විදුහල සහ නාලන්දා විදුහල අතර පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමගින් දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග 15 වැනිදා පස්වරු 3.00 සිට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය 22 වැනිදා පස්වරු 4.00 සිට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. අවසන් මහ තරගයේ සහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
තරගාවලියේ ශූරතාව, අනු ශූරතාව සහ තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් වලට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට නියමිත අතර හොඳම දැළ රකින්නාට, වැඩිම ගෝල ලබන ක්‍රීඩකයාට, වටිනාම ක්‍රීඩකයාට සහ ජනප්‍රියම ක්‍රීඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.
හමීඞ් අල් හුසේනි විදුහලේ 1980 කණ්ඩායම නමවැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අයිඩියල්ස් ලංකා පුද්ගලික සමාගම කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.