Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මැසනොද් විදුහල අවසන් පූර්ව වටයට

මැසනොද් විදුහල අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ කොත්මලේ චොක්ස් කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයකදී කඳාන ද මැසනෝද් විදුහල විසින් ගෝල් 4-1 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කරන ලදී.

තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවුවද දෙවැනි භාගයේදී යළිත් ක‍්‍රියාත්මක වූ මැසනෝද් ක‍්‍රීඩකයෝ තවත් ගෝල තුනක් රැස් කරමින් 4-1 ක් ලෙස තරගය ජය ගැනීමට සමත් වූහ.

ද මැසනෝද් විදුහලේ ජයග‍්‍රහණය වෙනුවෙන් 27 වැනි  මිනිත්තුවේදී පී.එෆ්. ගුණසේකර පළමු ගෝලය වාර්තා කළ අතර අනතුරුව පිළිවෙලින්  65, 92 සහ 93 යන මිනිත්තුවලදී රන්ජු සිල්වා ගෝල ත‍්‍රිත්වයක් ලබා ගනිමින් ද මැසනෝද් විදුහල අවසන් පූර්ව තරගය සඳහා කැදවාගෙන යාමට සමත් විය.

රාජකීය විදුහල විසින් වාර්තා කරන ලද එකම ගෝලය 11 වැනි මිනිත්තුවේදී නවීන් විසින් වාර්තා කරන ලදී. අදාළ තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරගය දෙකක් ඊයේ (31 දා) පැවැත්වීමට නියමිතව තිබිණ.

033


අදහස් (0)

මැසනොද් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.