Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මීගමුව යූත් පිලේ ප‍්‍රසාද ලකුණු කපා දමයි

මීගමුව යූත් පිලේ ප‍්‍රසාද ලකුණු කපා දමයි

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේදී මීගමුව දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජයට එරෙහිව මීගමුව යූත් කී‍්‍රඩා සමාජය කළ පැමිණිල්ලක් අනිද්දා (1 වැනිදා) පස්වරු 3.00 ට පාපන්දු සම්මේලනයේදී විභාගයට ගැනීමට නියමිතය.

වත්තල තන්ඩර්ස් කී‍්‍රඩා සමාජයේ ලියාපදිංචි කී‍්‍රඩකයන් තිදෙනකු ව්‍යාජ හැදුණුම්පත් ඉදිරිපත් කරමින් දොන් බොස්කෝ කණ්ඩායමට කී‍්‍රඩා කළ බවට මීගමුව යූත් කී‍්‍රඩා සමාජය කළ පැමිණිල්ලක් විභාගයට ගැනීමට පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

මේ අතර දොන් බොස්කෝ කණ්ඩායම විසින් මීගමුව යූත් කී‍්‍රඩා සමාජයට එරෙහිව ඉදිරිපත් කරන ලද විරෝධතාවක් පසුගිය 27 වැනිදා සළකා බැලූ පාපන්දු සම්මේලන තරග කමිටුව දොන් බොස්කෝ පිලට එරෙහිව පැවැති තරගය ජය ගනිමින් මීගමුව යූත් කණ්ඩායම අත්කර ගත් ප‍්‍රසාද ලකුණු 3 අවලංගු කිරීමට තීරණය කළේය.

මෙම තරගයේදී මීගමුව යූත් කී‍්‍රඩා සමාජය ජය ගත්තේ ගෝල 2-1 ක් පරිදිය. එම තීරණයත් සමඟ තරගාවලියේ පස්වැනි කාණ්ඩයේ තරග වදින යූත් කී‍්‍රඩා සමාජය ප‍්‍රසාද ලකුණු සටහනේ තවත් පහළට වැටී තිබේ.

 


අදහස් (0)

මීගමුව යූත් පිලේ ප‍්‍රසාද ලකුණු කපා දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.