Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මූලික වටයෙන් ඔබ්බට යාමේ බලාපොරොත්තු
දකුණු ආසියානු පාපන්දු තරගාවලිය

මූලික වටයෙන් ඔබ්බට යාමේ බලාපොරොත්තු

editorial - 2024 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මුහම්මදු මුන්ෆිෆ් වෙත පැවරී තිබේ. දකුණු ආසියානු රටවල 20 න් පහළ පාපන්දු කණ්ඩායම් අතර 6 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ඉරිදා (18 වැනිදා) ආරම්භ වෙයි. 

නේපාලය දෙවතාවක්ද, ඉන්දියාව තුන් වතාවක් ද දකුණු ආසියානු පාපන්දු කුසලාන දිනා තිබේ. 2019 සහ 2022 දී මෙම තරගාවලියට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව මේ දක්වා මූලික වටයෙන් ඔබ්බට යාමට සමත් වී නැතත් මෙවර බලාපොරොත්තුව වන්නේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමයි. 

මූලික වටය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වෙයි. ඉන්දියාව, මාලිදිවයින සහ භූතානය ‘බී’ කාණ්ඩයෙන් තරග වදිති. 

ශ්‍රී ලංකා කණ්ඩයමේ පළමු තරගය ඉරිදා (18 වැනිදා) පස්වරු 4.00 ට නේපාලයේ දශරත් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 
පාකිස්තානු කණ්ඩායම තරගාවලියට සහභාගි වීමේ සූදානමින් සිටි නමුත් පසුව ඉවත් විය.  එබැවින් තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. දකුණු ආසියානු පාපන්දු සම්මේලනය තරගාවලිය සංවිධානය කරයි. 


ශ්‍රී ලංකා කණ්ඩායම 
මුහම්මදු මුන්සිෆ් (නායක), සදෙව් දේශප්‍රිය, අහමඞ් ශරීෆ්, ලියොන් ගේඩොබ්ලර්, මොහෙමඞ් අබ්දුල්ලා, රොබින්සන් මලරාවන්, මොහොමඞ් හම්දි, සිරාඞ් මුෆාසාල්, තේනුක රණවීර, මෙහොමඞ් ශහීල්, මොහොමඞ් තිල්හාම්, මොහොමඞ් උමාර්, මොහොමඞ් ෆාදිල්, ශිවන්තන් ආර්නිකන්, අයිමාන් රියාස්, මොහොමඞ් අල්ෆතික්, හාරිෂ් ජොන්ජිම්රන්, මොහොමඞ් අතීෆ්, රූබන් මතුමිතන්, මොහොමඞ් සාහි, නිලුජාන් දේවදාස්, විජයකුමාර් අබිශාන්, සහ මොහොමඞ් ෆර්හාත්


අදහස් (0)

මූලික වටයෙන් ඔබ්බට යාමේ බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.