Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රත්නපුර දිස්ත්‍රික් ලීග් තරගාවලිය අද සිට

රත්නපුර දිස්ත්‍රික් ලීග් තරගාවලිය අද සිට

editorial - 2020 සැප් මස 28 108 Views 0 Comment
A A A

රත්නපුර පාපන්දු ලීගය මෙහෙයවන රත්නපුර දිස්ත්‍රික් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලිය අද (28 වැනිදා) සිට රත්නපුර ‘සීවලී’ පිටියේදී පැවැත්වේ.  එම ලීගයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වන හයිලැන්ඩර්ස්, සිටි පීපල්,  සැපයර්,  මිඩ්ල්එක්ස්,  එස්.එස්.සී., සීවලියන්, රත්නපුර නගර සභාව, අයි.එස්.සී., යුනයිටඩ් හා ඇහැලියගොඩ ක්‍රී.ස. යන කණ්ඩායම් 10ක් එතැන් සිට ආරම්භ වන මෙම ලීග් තරගාවලියට සහභාගි වේ.

තරගාවලිය නිමාවට පත්වීමෙන් පසුව ජයග්‍රාහී කණ්ඩායමට ‘නෝලිමිට්’ කුසලාන ප්‍රදානය කෙරේ.

තරගාවලියේ සමාරම්භක උත්සවය රත්නපුරය පාපන්දු ලීගයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පස්වරුවේ පළමු තරගය ආරම්භ කරමින් පැවැත්වේ.


අදහස් (0)

රත්නපුර දිස්ත්‍රික් ලීග් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.