Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ලේකම් - ප්‍ර.වි.නි විධායක සභාවේදී ගැටෙති

ලේකම් - ප්‍ර.වි.නි විධායක සභාවේදී ගැටෙති

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගියදා පැවැති විධායක රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඊට හේතු වූයේ පාපන්දු සම්මේලනයේ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී මහතා හා එහි ප්‍රධාන විධායක නිලධාරි ජස්බර් උමාර් මහතා අතර කාලයක් තිස්සේ ඇතිවී තිබෙන බලඅරගලය ගැටුමක් බවට පත්වීමෙනි.

පාපන්දු සම්මේලනයේ මීළඟ නිලවරණයේදී සභාපති ධුරයට තරග වදින බව ප්‍රකාශ කර තිබෙන බාලේන්ද්‍ර ඇන්තනී මහතා එහිදී චෝදනා මුඛයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ප්‍රධාන ලේකම් ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීමට නොදී ප්‍රධාන විධායක නිලධාරියා දිගින් දිගටම බලපෑම් කරන බවයි. විධායක නිලධාරි ධුරය නොව ප්‍රධාන ලේකම් ධුරය පාපන්දු සම්මේලනයේ වඩාත් උත්තරීතර වන බැවින් ජස්බර් මහතාට ඒ ආකාරයෙන් තමන්ට කිසිසේත් බලපෑම් කළ නොහැකි බව එහිදී ඇන්තනී මහතා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වුවත් ජස්බර් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි බලතල ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන ලේකම්වරයා තමන් සමග අනවශ්‍ය ගැටුමකට පැමිණ තිබෙන බවය.

පාපන්දු විධායක සභාවේදී එළඹෙන පාපන්දු සම්මේලනයේ නිලවරණය පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩා රෙගුලාසි නව සංශෝධනය ගැසට් කර ප්‍රසිද්ධ කරන තුරු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීම අපහසු බව එහිදී විධායක සභිකයන් බහුතරයක් පෙන්වා දී තිබේ.

 

 


අදහස් (0)

ලේකම් - ප්‍ර.වි.නි විධායක සභාවේදී ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.