Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව සබරගමුවට

විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව සබරගමුවට

ශනුක අරවින්ද - 2015 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර කීපයක් පුරා යාපනය විශ්වවිද්‍යාලයේ ආධිපත්‍යයට නතුකරගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල පාපන්දු ශූරතාවය 2015 වසරේ දී අති විශිෂ්ඨ දක්ෂතා ප‍්‍රදර්ශනය කරමින් සබරගමුව විශ්වවිද්‍යාල පාපන්දු කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

මෙම ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයට සුවිශේෂී වුයේ ප‍්‍රබල හා ප‍්‍රසිද්ධ විශ්වවිද්‍යාලයන්ට අභියෝගයක් වෙමින් කණ්ඩායම් කී‍්‍රඩාවකදී ශූරතාවක් දිනා සබරගමුව විශ්වවිද්‍යාල කී‍්‍රඩා ඉතිහාසයේ නව සණ්ධිස්ථානයක් සළකුණු කළ හෙයිනි.

කණ්ඩායම් 13 ක් සහභාගි වූ තරගාවලියේ මුලික වටයේ තරග ලීග් වශයෙන් පැවතුන අතර කණ්ඩායම් 8 පිළිමලූන් පිටුදැකීමේ වටය සඳහා තේරීපත්විය.

අර්ධ අවසන් තරග සඳහා යාපනය විශ්වවිද්‍යාල කණ්ඩායම හා කොළඹ විශ්වවිද්‍යාලය කණ්ඩායමත් ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම හා ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම  සුදුසුකම් ලැබූහ.

යාපනය විශ්වවිද්‍යාල සහ කොළඹ විශ්වවිද්‍යාල අතර පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල 1-0 ලෙස යාපනය ජය වාර්තා කළ අතර සබරගමුව විශ්වවිද්‍යාල හා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම් අතර පැවැති දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ගෝල 2-0 ලෙස වාර්තාකරමින් සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම ජය වාර්තා කළේය.

අවසන් තරගයේ පළමු අර්ධය නිමා වන විටත් සබරගමුව පිල 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියද දෙවැනි අර්ධයේදී යාපනය විශ්ව විද්‍යාලය ගෝලයක් ලබාගනිමින් ලකුණු සංඛ්‍යාව සම කළේය. එහෙත් සබරගමුව පිල වෙනුවෙන් දෙවැනි ගෝලයත් ලබාගත් ජේ. නියන්සන් තම පිල ඉදිරියට ගෙන ආවේ වසර ගණනක් පුරා විශ්ව විද්‍යාල පාපන්දු පිටියේ ආධිපත්‍ය පතුරුවාගෙන සිටි යාපනය විශ්ව විද්‍යාලය ගෝල 2-1 ක් ලෙස පරාජය කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයට ශූරතාව දිනා දෙමිනි.

තුන්වැනි ස්ථානය සඳහා ප‍්‍රබල තරගයක යෙදුනු කොළඹ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩාම් අතර තරගය 1-1 ක් ලෙසින් සමවිය. අනතුරුව දඬුවම් පහර ගැසීමේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්විය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ පාපන්දු පුහුණුකරු ලෙස චමිල සම්පත් වීරසිංහ කටයුතු කරන අතර කී‍්‍රඩා භාර උපදේශකවරිය ලෙස බී. කේ. සමන්තා පි‍්‍රන්සි ලාලනී කටයුතු කරයි.

අගෝස්තු 22, 23 සහ 24 දිනයන් හි  කොළඹ විශ්වවිද්‍යල කී‍්‍රඩා පිටියේ සහ ටොරින්ටන් කී‍්‍රඩා පිටියේ පැවති මෙම තරගාවලිය මෙවර සංවිධානය කළේ කොළඹ විශ්වවිද්‍යාල ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගිනි.

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ විනිසුරු සංගමයේ විනිසුරුවරු තරගාවලිය විනිශ්චය කළහ.

 

ශූරතාව දිනාගත් සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම
ජේ. නියන්සන් (නායක), එස්.එච්. එම්.සාබ්ජීත්, ඊ.එල්.කේ. හිරුෂාන්, එන්එන් පර්මන් , එම්. ඉෆ්රාස්, ඩබ්.එම්.එන්.සඳුන්, එච්.එම්. අසාම්, එම්.එන්.එම්.මුසීක්, එස්.එච්.එම්.එම්.සබ්නාස්, වී. අජන්ත්, ඞී. එම්. මෙත් සඳරුවන් , එන්.ජී. චන්දන, එම්. මිතුරුසන්, සුපුන් දිසානායක, ඒ එල්. එම්. ඉර්ෆාන්, එස් කෝකුලරන්ජන් , එන්.ඞී.එස්. මලිත්, ජීවිතන්, කේ. මුගුන්තකුමාර්, අසංක සංජීව, ආර්. පී. සී. එරන්දිත්, ඞී.ජී.එස්.පී. ජයලත් සහ ඩබ්. අයි. එස්. ප‍්‍රනාන්දු

චමිල සම්පත් වීරසිංහ (පුහුණුකරු) බී. කේ සමන්තා පි‍්‍රන්සි ලාලනී (ශාරීරික අධ්‍යාපන උපදේශක)

 


අදහස් (0)

විශ්ව විද්‍යාල පාපන්දු ශූරතාව සබරගමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.