Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීම මේ මස 25 වැනිදා මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී පැවැත්වේ. එදින පෙරවරු 10.00 ට මෙම රැස්වීම ආරම්භ වීමට නියමිතය.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ විධායක කමිටු රැස්වීමක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමු වැනි වතාවටය. දකුණු ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයා සහ අනෙකුත් විධායක සභිකයන් හෙට (24 වැනිදා) දිවයිනට පැමිණෙති.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, නේපාලය සහ භූතානය යන රටවල් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය දරයි.
1997 දී ආරම්භ කරන ලද දකුණු ආසියානු පාපන්දු සම්මේලනය සාමාජික රටවල් වල පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වැදගත් කාර්යක් ඉටු කරනු ලබයි. ඉන් ප්‍රධාන වන්නේ වසර 02 කට වරක් පවත්වන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානය සහ අවුරුදු 16 න් පහල කාන්තා පාපන්දු කුසලානය ආදී තරගාවලි සහ කළාපයේ පාපන්දු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මෙන්ම දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරන රංජිත් රොද්‍රිගෝ මහතාගේ ඉල්ලීම මත මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත.
මෙම විධායක කමිටු රැස්වීමේදී 2016 වර්ෂයේ දකුණු ආසියානු පාපන්දු සම්මේලන කාන්තා කුසලානය සම්බන්ධයෙන්ද, 2017 වර්ෂයේ දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන පවත්වන ස්ථානය සහ 2017 වර්ෂයේදී පවත්වනු ලබන අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 19 න් පහළ තරගාවලින්හි සත්කාරක රාජ්‍යයන් පිළිබඳවද, ප්‍රථම වරට පැවැත්වීමට නියමිත දකුණු ආසියානු පාපන්දු සම්මේලන ක්‍රීඩා සමාජ තරගාවලිය පිළිබඳවද තීරණ ගැනීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.