Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වියැන්ටියෑන් නුවරදී අද (20) රාත්‍රීයේදී නිමාවට පත්වූ දෙරට අතර සුහද පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාව විසින් ලාඕසය ගෝල 2 - 1 කින් පරාජය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව මෙම විශිෂ්ඨ ජාත්‍යන්තර පාපන්දු ජයග්‍රාහණය වාර්තා කළේ තරගයේ පළමු භාගය ගෝල 1 - 0 කට පෙරමුණ ගැනීමටත් සමත්වෙමිණි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල දෙකම එහි ක්‍රීඩා කරන ද්විත්ව පුරවැසියන් වන ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් ලබා ගැනීම කැපී පෙණුනි.
එහිදී පළමු ගෝලය 18 වැනි විනාඩියේදී වැඩ් ඩෙකර් ව්සින්ද හා දෙවැනි ගෝලය 55 වැනි විනාඩියේදී ආදවන් රාජමෝහාන් විසින්ද ලබා ගැනීමෙන් 2003 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට පළමු වතාවට ජාත්‍යන්තර පාපන්දු පිටියේදී ලාඕසය පරාජය කළ හැකි විය.
මෙම ගෝලලාභී ක්‍රීඩකයන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ හා ස්වීඩනයේ ක්‍රීඩා සමාජ තරග සදහා සහභාගි වෙමින් මෙරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නෝ වෙති.කෙසේවූවත් 89 වැනි විනාඩියේදී ලාඕසය වාර්තා කළ ගෝලයෙන් ශ්‍රී ලංකාව එරටදීම ලාඕසය පරාජය කළ මෙම සිදුවීමට බාධාවක් නොවීය.
මෙම තරගය පැවැත්වෙන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානයේ පසුවෙද්දී ලාඕසය එහි පසු වූයේ 184 වැනි ස්ථානයේයි.ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ඒ වන විට ශ්‍රී ලංකාව 45 වැනි ස්ථානයේත් ලාඕසය 40 වැනි ස්ථානයේත් පස් වූහ.
පසුගිය නොවැම්බර් (2024) 16 වැනිදා කටාර් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව විසින් යේමනය ගෝල් 1 - 0 කින් පරාජය කරමින් මීට පෙර සිය අවසන් ජාත්‍යන්තර පාපන්දු ජය වාර්තා කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.