Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසර 70 කට පසුව මියන්මාරයට සමවෙයි

වසර 70 කට පසුව මියන්මාරයට සමවෙයි

editorial - 2024 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

යැන්ගුන් නුවරදී ඊයේ (13) පස්වරුවේදී නිමාව දුටු ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගය දෙපිල ලකුණු නොලබාම සම තත්වයෙන් අවසන් විය. දෙරට අතර බ්‍රහස්පතින්දා (10) එහිදීම පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව පරාජයට (2-0) පත්ව තිබියදී ඊයේ තරගය සම කර ගැනීම ඔවුන් ලද සැනසුමකි.

 මෙම තරගයේදී ශ්‍රී ලංකා සංචිතයේ කල් ගෙවන දිවිත්ව පුරවැසියන් වන ක්‍රීඩකයන් අවම ගණනක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම කැපී පෙණුනි. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුවත් බැලීමේදී ශ්‍රී ලංකාව ඊයේ තරගය සම කර ගැනීම කැපී පෙනේ. එම ශ්‍රේණිගත කිරීම් අනුව සත්කාරක මියන්මාරය 166 වැනි ස්ථානයේ පසු වෙද්දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පසු වන්නේ ඊට බොහෝ පසුපසින් 200 වැනි ස්ථානයේය.

 ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ 1954 න් පසුව මියන්මාරය හමුවේ ශ්‍රී ලංකාව වඩාත් සටන්කාමිත්වයක් පළ කළ ජාත්‍යන්තර පාපන්දූ තරගය මෙය වන බවයි.

 මෙම තරගය නැරඹීම සදහා යැන්ගුන් තුවුන්නා ක්‍රීඩාංගණයට 15000 කට අධ්ක ජනකායක් රැස්ව සිටියහ. තරගයේ නියමිත විනාඩි අනූවෙන් අපතේ ගිය කාලය සදහා ප්‍රදානය කෙරෙන අතිරේක 92 වැනි විනාඩියේදී දෙවැනි වරටත් විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහකාඩ් පත ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්තනී ලීඕන් පෙරේරා ඒ හේතුවෙන් රතුකාඩ් පත ලැබූවෙකු ලෙස සළකා පිටියෙන් පිටමං කෙරුණි.

 මෙසේ විනිසුරු වෙතින් රතුකාඩ් පත ලැබීමෙන් 70 වැනි විනාඩියේදී මියන්මාර ක්‍රීඩකයෙකුද පිටියෙන් පිටමං කෙරුණි.මෙසේ විනිසුරු වෙතින් දැඩි අවවාද ලැබූ දෙපිලේ ක්‍රීඩකයන් ගණන පහකි.

 මෙම තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන්ගේ ආදේශ කිරීම් හතක් වාර්තා විය.ජස්වර් උමාර් මහතා පැවැසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් ජාත්‍යන්තර තරග අත්දැකීම් හුරු කිරීම සදහා ලබන නොවැම්බර් මාසයේදී සෞදි අරාබියේදී එරට සත්කාරයෙන් ශ්‍රී ලංකාවද සහභාගි කර ගන්නා සිව් කොන් තරගාවලියක් සංවිධානය කෙරෙන බවයි.

 ඊයේ තරගය නැරඹීම සදහා යැන්ගුන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් ව්ශාල පිරිසක් තුවන්නා ක්‍රීඩාංගණයට පැමිණි සිටියහ.

 

මේ දක්වා ශ්‍රී ලංකා - මියන්මාර ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසය

• 1953 - මියන්මාරයට ගෝල 3 -2 ක ජයක් (කොළඹ කුසලාන)
• 1953 - ශ්‍රී ලංකාවට දඬුවම් පහර 9 - 7 ක් ජයක් (සුහද)
• 1954 - ශ්‍රී ලංකාවට ගෝල 2 -1 ක ජයක් (කොළඹ කුසලාන)
• 1955 - මියන්මාරයට ගෝල 3 - 1 ක ජයක් ( කොළඹ කුසලාන)
• 1972 - මියන්මාරයට ගෝල 5 -1 ක ජයක් (1972 -ඔලිම්පික් නිර්දේශ)
• 1972 - මියන්මාරයට ගෝල 4 - 2 ක ජයක් (;ජකර්තා කුසලාන)
• 1995- මියන්මාරයට ගෝල 2 - 0 ක ජයක් (බුරුම ශූරතා)
• 2008 - මියන්මාරයට ගෝල 3 - 1 ක ජයක් (ආසියානු සමුළු අභියෝගතා)
• මියන්මාරයට ගෝල 4 - 0 ක ජයක් (ආසියානු සමුළු අභියෝගතා)


අදහස් (0)

වසර 70 කට පසුව මියන්මාරයට සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.