Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සංගමයේ සහයෝගයෙන් ආසියානු ෆැසිපික් තොරතුරු තාක්ෂණ ආයතනය සහ අයි. අයි. එච්. ඊ. ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් විශ්ව විද්‍යාලයීය ‘වීදී’ පාපන්දු තරගාවලිය මෙම 17 වැනිදා පස්වරු 1.00 සිට කොළඹ තුර`ග තරග ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පාපන්දු ක‍්‍රීඩාව සදහා දක්ෂතා තිබෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හදුනා ගැනීමේ අරමුණින් පවත්වන මෙම තරගාවලිය සදහා දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 16 ක් සහභාගිවේ.
ශ‍්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් පස් දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් දෙදෙනෙක් ලෙස ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ හත් දෙනෙක් ඇතුළත්වෙති. තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් විනාඩි පහකට සීමාවන අතර අර්ධ අවසන් පුර්ව වටය සහ අවසන් පුර්ව වටයේ තරග පැවැත්වෙන කාලය විනාඩි හතකි.
අවසන් තරගය විනාඩි 10 කින් පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.