Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වෙළෙඳ සේවා පාපන්දු සභාපතිට තහනමක්

වෙළෙඳ සේවා පාපන්දු සභාපතිට තහනමක්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳසේවා පාපන්දු සංගමයේ නිසි ක‍්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට අපොහොසත්වීමේ චෝදනා මත එහි සභාපති එම්. කාසීම් මහතාට තහනමක් පැනවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව තීරණය කර තිබේ.

වසර කීපයක් තිස්සේ එම සංගමයේ ක‍්‍රියාකාරිත්වය අඩපණවී අතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි. වෙළෙඳ සේවා පාපන්දු සංගමය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පිළිගත් ලීගයකි.

වසර 2013 දී වෙළෙඳසේවා සංගමයේ මෙහෙයවීමෙන් නාවලපිටියේදී පැවැති වෙළෙඳසේවා සත් සාමාජික පාපන්දු තරගාවලියේ වැය කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් එම සංගමයේ මහ සභාවට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ද එහි සභාපතිවරයාට චෝදනා එල්ලවී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයෙන් ලබාදුන් මුදලක් එම තරගාවලිය සඳහා යොදාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව වෙතින් විගණන වාර්තා ලබා ගැනීමට පාපන්දු සම්මේලනය දැරූ උත්සාහය අසාර්ථකවීමෙන් පසු එම ගෙවීම් අවිනිශ්චිත ගිණුමකට බැර කළ ගෙවීම් ලෙස දැන්වීමට පාපන්දු සම්මේලනය කටයුතු කළ බවද වාර්තාවේ.

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෙළෙඳසේවා පාපන්දු සංගමයේ සභාපතිවරයාට තහනමක් පැනවීමට පාපන්දු විධායක සභාව තීරණය කර තිබේ.

 


අදහස් (0)

වෙළෙඳ සේවා පාපන්දු සභාපතිට තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.