Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා - බෲනායි දෙවැනි තරගය අද

ශ්‍රී ලංකා - බෲනායි දෙවැනි තරගය අද

editorial - 2024 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ශ්‍රී  ල‍‍ංකාව හා බෲනායි  - දරුසලාම්   රාජ්‍යය අතර දෙවැනි හා අවසන්  සුහද ජාත්‍යන්තර  පාපන්දු  තරගය අද  (11) පස්වරු 5.45 ට බන්දාර් - සෙරි බගවාන් නුවරදී පැවැත්වේ.

දෙරට  අතර සෙනසුරාදා (8) පැවැති  සුහද තරගයේ ජය ගෝල 1 - 0 කට හිමිවූයේ බෲනායි  රාජ්‍යයටය. එබැවින් මෙම  තරගය ජය ගැනීමෙන් ශ්‍රී  ලංකාවට තරගාවලිය සම කිරීමේ අවස්ථාව  හිමිවේ.

කෙසේවුවත්  සෙනසුරාදා  ශ්‍රී  ලංකාව බෲනායි ට පරාජය  වූවත් මෑත කාලීන පාපන්දු  ඉතිහාසයේ  දෙරට අතර පැවැති තරග කීපයක ජය වාර්තා කර ඇත්තේ ශ්‍රී  ලංකාව විසිනි.

අවසන් වරට එසේ දෙරට ජාත්‍යන්තර  පාපන්දු  පිටියේදී   මුණගැසීමේදී ශ්‍රී  ලංකාව ව්සින් බෲනායි  ගෝල  5 - 1 කින් පරාජය  කිරීමට සමත්වීමත් කැපී පෙනේ.

කාම්බෝජයට  එරෙහිව   සැප්තැම්බර්  5 හා 10 යන දිනවලදී  කොළඹදී  හා පොනොම් - පෙන් නුවරදී පැවැත්වෙන  ආසියානු  කුසලාන (2027) තරගාවලියේ අවසන් සුදුසුකම්  ලැබීමේ තරග වටයට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකාව ඊට පෙර පෙරහුරු තරගාවලියක් ලෙස මෙම තරග සංචාරය  සැලසුම්  කර තිබේ.

ඒ හැරෙන්නට  ආසන්නයේම යෙදෙන ලෝක පාපන්දු  (පිරිමි) ශ්‍රේණිගත  කිරිම් අනුව ශ්‍රී  ලංකාව ඉදිරියට පැමිණීමට මෙම  තරග සංචාරයේදී වඩාත් උසස් දක්ෂතා දැක්වීමට උත්සාහ දැරීමෙන් ශ්‍රී  ලංකාව අපේක්ෂා කරයි.

මේ වන විට ශ්‍රී  ලංකාව  ලෝක පාපන්දු  (පිරිමි ) ශ්‍රේණිගත  කිරීම් අනුව 204  වැනි ස්ථානයේ ද,  බෲනායි  194 වැනි ස්ථානයේද පසුවේ.

ශ්‍රී  ලංකා කණ්ඩායමේ  නායකයා ලෙස එහි නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරා තව දුරටත් කටයුතු  කරයි.ශ්‍රී  ලංකා කණ්ඩායමට එතෙරින් කැදවූ ශ්‍රී  ලාංකික සම්භවයකින් යුත් ප්‍රබල ක්‍රීඩකයන්  ඇතුළත්ව සිටියත් ඔවුන්ගෙන් ප්‍ර්‍රබළතම ක්‍රීඩකයන් තිදෙනකු  මෙම තරග සංචාරයෙන් ඉවත්ව සිටින බවද වාර්තාවේ.


අදහස් (0)

ශ්‍රී ලංකා - බෲනායි දෙවැනි තරගය අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.