Last Update  :  2024-12-04 11:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි එකහාමාරක බෝනස් ගෙවයි

ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි එකහාමාරක බෝනස් ගෙවයි

editorial - 2024 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාම්බෝජය පරාජයට පත් කළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාට දිරි ගැන්වීමේ දීමනා ලෙස රුපියල් එක් කෝටි පණස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා අවසන් කළ බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. ඒ ජාතික පාපන්දු සංචිතයේ කල් ගෙවූ ක්‍රීඩකයන් 24 දෙනාට හා ඒ සදහා නිර්දේශ ලැබූ එහි පරිවාර නිලධාරීන් වෙනුවෙනි.

 එහිදී එක් ක්‍රීඩකයකු ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් බැගින් ලබා ගෙන තිබේ.ඒ පිළිබදව ජස්වර් උමාර් මහතා මෙසේද පැවැසීය.

 ‘‘ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන්ට මින් පෙර මෙවැනි ගෙවීම් කර තිබුණේ නෑ. ඔවුන් වැඩි දෙනෙකු ගෙවීම් මදි කියමින් මැසිවිළි නගමින් තමයි කාලය ගෙව්වේ.දැන් ඒ තත්ත්වය වෙනස් කරන්න මට හැකි වුණා. ඉදිරියේදී ලබන ජයග්‍රාහණත් එක්ක මේ දීමනා තවත් වැඩි කරන්න පාපන්දු ආයතනය උනන්දු වෙනවා.”

 2027 ආසියානු කුසලාන තෙවැනි නිර්දේශ තරග වටයේදී ශ්‍රී ලංකාව කාම්බෝජය සමග පැවැති තරග දෙකෙන් එකක් ජය ගනිමින් හා සෙසු තරගය සම කරමින් එහි ඉදිරි තරග වටයට ප්‍රවේශ විය. මෙම බෝනස් දීමනා ප්‍රදානය වූයේ ඒ වෙනුවෙනි.

 දෙරට අතර මෙම තරග පවත්වන විට කාම්බෝජය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම් අනුව 180 වැනි ස්ථානයේද හා ශ්‍රී ලංකාව 205 වැනි ස්ථානයේද පසුවිය. එහෙත් කාම්බෝජය ඉහත තරග දෙකේදී පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරිම් අනුව 200 වැනි ස්ථානය දක්වා වසර පහකට පසුව ඉදිරියට පැමිණීමට සමත් විය.

 ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන ඔක්තෝබර් 10 හා 13 යන දිනවල යන්ගුන් නුවරදී මියන්මාරය සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරග දෙකකට සහභාගිවීමට නියමිතය. ඒ සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරී මහතා යටතේ ජාතික පාපන්දු සංචිතයේ පෙර පුහුණුවීම් දැන් ආරම්භ කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි එකහාමාරක බෝනස් ගෙවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.