Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සවුදි අරාබියේ රියද් නගරයේ දැන් ක්‍රියාත්මක වන ආසියානු පාපන්දු සමුළු (ඒ.එෆ්.සී) වයස අවු 16න් පහළ “ඒ” කාණ්ඩයේ පළමු තරගයේ දීම ශ්‍රී ලංකාව ගෝල් 6-0 කින් බහරේනයට පරාජය විය.
ලබන වසරේ මලයාසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සමුළු වයස අවු 16න් පහළ තරගාවලියට සුදුසුකම් ලැබීමේ මූලික තරග මේ දිනවල ආසියානු කලාපයේ රටවල් 10ක පැවැත්වෙන අතර ඒ යටතේ සෞදි අරාබියේ පැවැත්වෙන “ඒ” කාණ්ඩයේ මූලික වටය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ. මෙම තරගාවලියේ “ඒ” කාණ්ඩයට ශ්‍රී ලංකාව, බහරේන්,සෞදි අරාබිය, ජෝර්දානය සහ උස්බෙකිස්ථානය යන රටවල් අයත් වේ.
ශ්‍රී ලංකාව හෙට (18 දා) ජෝර්දානය සමඟ ද, 20 දා උස්බෙකිස්ථානය සමඟ ද 22 දා සත්කාරක සෞදි අරාබිය සමඟ ද තරග වැදීමට නියමිතය.
ශ්‍රී ලංකා වයස අවු 16න් පහළ කණ්ඩායමට ඉකුත් මාසයේ දකුණු ආසියානු කලාපීය වයස අවු 15න් පහළ තරගාවලියට සහභාගී වූ නමුදු එහිදී මුහුණ දුන් තරග දෙකේදීම බංගලාදේශය හමුවේ ගෝල් 4-0 ලෙස ද භූතානය හමුවේ ගෝල් 6-0 ලෙසද ශ්‍රී ලංකා 16 න් පහළ කණ්ඩායම පරාජය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.