Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශූරතා දෙකම හමීඩ් අල් හුසේන් විදුහලට

ශූරතා දෙකම හමීඩ් අල් හුසේන් විදුහලට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ වයස 19 න් පහළ සහ 17 න් පහළ පාපන්දු ශූරතා දෙකම දිනාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල සමත් විය.

අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගවලදී දඬුවම් පහර 4-3 ක් ලෙස සහිරා විදුහල පරාජය කරමින් වයස 19 න් පහළ ශූරතාව දිනාගත් හමීඞ් අල් හුසේන් විදුහල, වයස 17 න් පහළ ශූරතාව දිනාගත්තේ දඬුවම් පහර 4-2 ක් ලෙස කඳාන ද මැසිනොද් විදුහල පරාජය කරමිනි.

වයස 19 න් පහළ අවසන් මහ තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම එක් ගෝලය බැගින් ලබා සිටීම නිසා දඬුවම් පහර මගින් තරගයේ ජයග්‍රාහකයන් තීරණය කෙරිණ. 10 වැනි මිනිත්තුවේදී හමීඞ් අල් හුසේනි විදුහලේ උප නායක ෆාසිල් කරීම් නිදහස් පා පහරකින්ද, 20 වැනි මිනිත්තුවේදී සහිරා විදුහලේ මොහොමඞ් හිජාස් පැති පා පහරකින්ද ගෝල ලබාගත්හ.

දඬුවම් පහර 5 න් 4 ක් සාර්ථක කරගත් හමීඞ් අල් හුසේනි විදුහල, තරගාවලියේ වයස 19 න් පහළ ශූරතාව දිනාගත් අතර දඬුවම් පහර 3 ක් පමණක් සාර්ථක කරගත් සහිරා විදුහලට අනු ශූරතාවෙන් සෑහිමකට පත් වීමට සිදුවිය.  

නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල ලබා නොසිටීම හේතුවෙන් වයස 17 න් පහළ අවසන් මහ තරගයේ ජයග්‍රහණයද දඬුවම් පහර මත තීරණය කෙරිණ. එහිදී හමීඞ් අල් හුසේනි විදුහල දඬුවම් පහර 4 ක් සාර්ථක කරගනිමින් ශූරතාවට හිමිකම් කී අතර කඳාන ද මැසිනොද් විදුහලට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 2 ක් පමණි.

 

හමීඩ් අල් හුසේන් විදුහල් 19 න් පහළ කණ්ඩායම

හමීඩ් අල් හුසේන් විදුහල් 17 න් පහළ කණ්ඩායම

 


අදහස් (0)

ශූරතා දෙකම හමීඩ් අල් හුසේන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.