Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශූරයෝ - අනුශූරයෝ අවසන් 8 දෙනා අතර

ශූරයෝ - අනුශූරයෝ අවසන් 8 දෙනා අතර

අමිල හේරත් - 2016 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාගිල්ස් ෆුඞ් සිටි ”එෆ් ඒ” කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ලබන සෙනසුරාදා හා ඉරිදා (14-15) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. ඒ සඳහා පසුගිය වසරේ ශූරතාව හා අනුශූරතාව හිමිකරගත් කොළඹ කණ්ඩායම හා කළුතර බ්ලූස්ටාර්ස් යන කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිති.

අර්ධ අවසන් පූර්ව තරග සෙනසුරාදා සහ ඉරිදා පස්වරු 3.00 ට හා පස්වරු 5.00 ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී අනුරාධපුරය සොලිඞ් කණ්ඩායම ගුවන් හමුදාවට එරෙහිව ජයග‍්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියද මෙම තරග ප‍්‍රතිඵලය අත්හිටුවීමට පාපන්දු සම්මේලනයේ තරග කමිටුව තීරණය කර ඇත.

ඒ පරාජිත ගුවන් හමුදා කණ්ඩායම මෙම තරගයෙන් පසුව ගොනු කළ විරෝධතාවයක් හේතුවෙනි. ජයග‍්‍රාහී සොලිඞ් කණ්ඩායමට මෙරට රැඳී සිටීම සඳහා ලබාගත් වීසා අවසන් වූ විදේශීය ක‍්‍රීඩකයකු ක‍්‍ර‍්‍රීඩා කළ බවට ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජය පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් අද (10) පැවැත්වීමට සූදානම් කර තිබූ විමර්ශනයෙන් පසුව අත්හිටවූ තරග ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් අවසන් නිගමනය දෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසීය.

එහිදී ගුවන් හමුදා කණ්ඩායමේ චෝදනාව සනාථ වුවහොත් තරගයේ ජයග‍්‍රහණය ගුවන් හමුදාවට පිරිනැමෙන බැවින් එහිදී අර්ධ අවසන් පූර්ව වටයට වරම් ලබා ගන්නේද ගුවන්හමුදා කණ්ඩායම බව ඔහු පැවසීය.

කෙසේ වුවත් මෙම තරගයේ ජයග‍්‍රහණය ලබා සිටින සොලිඞ් කණ්ඩායම චෝදනාවෙන් නිදහස් වුවහොත් ඔවුන්ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාවේ.

මේ අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතරින් යුද හමුදා කණ්ඩායම අම්පාර බි‍්‍රලියන්ට් කණ්ඩායමට එරෙහිව ලබාගත් ගෝල 12-1 ක ජයග‍්‍රහණය කැපී පෙනුණි.

එහිදී යුද හමුදා කණ්ඩායමේ මොහොමඞ් ඉසඞීන් ගෝල අටක් ලබා ගැනීම මෙවර තරගාවලියේ එක් තරගයකදී ක‍්‍රීඩකයකු ලබා ගත් වැඩිම ගෝල සංඛ්‍යාවද වේ.

ජාතික පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකු ද වන ඉසඞීන් තරගයේ 12,39,54,59,65,73,79,89 යන විනාඩිවලදී මෙම ගෝල රැස්කළේය.

ගියවර ශූරයන් වූ කොළඹ කණ්ඩායම ජෙට්ලයිනර්ස් කණ්ඩායමට එරෙහිව ගෝල 7-1 ක පහසු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමේදී කොළඹ කණ්ඩායමේ ටී.එෆ්.බී. දිමිත‍්‍ර ගෝල ත‍්‍රිත්වයක් රැුස් කරමින් දස්කම් දැක්වීය.

වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන තරගාවලියට මෙවර කණ්ඩායම් 506 ක් සහභාගී වූහ.

 

පෙර අර්ධ අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල

  • කොළඹ පිල විසින් ජෙට්ලයිනර්ස් පිල පරාජය කරන ලදි. (7-1)
  • මන්නාරම හිලරි පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදි. (3-1)
  • යුද හමුදා පිල විසින් අම්පාර බි‍්‍රලියන්ට් පිල පරාජය කරන ලදි. (12-01)
  • ජාවාලේන් පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදි. (1-0)
  • සෝන්ඩර්ස් පිල විසින් කුරුණෑගල පෙලිකන්ස් පිල පරාජය කරන ලදි. (3-0)
  • කළුතර බ්ලූස්ටාර්ස් පිල විසින් පොලිස් පිල පරාජය කරන ලදි. (1-0)
  • රිනවුන් පිල විසින් වෙන්නපුව නිව්යන්ස් පිල පරාජය කරන ලදි. (3-1)

 

මැයි 14 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේ තරග

  • කොළඹ පිල හා මන්නාරම හිලරි පිල අතර
  • රිනවුන් පිල හා ජාවාලේන් පිල අතර

 

මැයි 15 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේ තරග

  • අනුරාධපුර සොලිඞ් පිල හෝ ගුවන් හමුදා පිල හා යුද හමුදා පිල අතර
  • සෝන්ඩර්ස් පිල හා කළුතර බ්ලූස්ටාර්ස් පිල අතර

 

●●●


අදහස් (0)

ශූරයෝ - අනුශූරයෝ අවසන් 8 දෙනා අතර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.