Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇසෑම් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ පස්වැනි දිනය අවසානයේදී (9 වැනිදා) ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 17 ක් දිනා අවසන් වරට ඩකා සාග් ක‍්‍රීඩා උළෙලේ දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව ඉක්මවා යාමට සමත්විය.
2010 වසරේ බංග්ලාදේශයේ පැවැති ‘ඩකා’ සාග් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව රන් පදක්කම් 16 ක් ලබා හිමි කර ගත්තේ සමස්ත පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානයයි.
ඉන්දියාවේ ඉන්ධිරා ගාන්ධි ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ වු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකාවට රන් පදක්කම් හතරක් හිමිවිය. උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර, නිමාලි ලියනාආරච්චි (මීටර 800 කාන්තා), හිමාෂ ඒෂාන් (මීටර 100 පිරිමි) සහ රුමේෂිකා රත්නායක (මීටර 100 කාන්තා) අද දිනයේදී රන් පදක්කම් දිනාගත්හ.
පාපැදි ක‍්‍රීඩක ජීවන් ජයසිංහ මෙන්ම පිහිනුම් ක‍්‍රීඩිකා කිමිකෝ රහීම් අද දිනයේ රන් පදක්කම් දිනා ගනිමින් ශ‍්‍රී ලංකා පදක්කම් පුවරුව ශක්තිමත් කළහ. ශ‍්‍රී ලංකාව රිදී පදක්කම් 37 ක් සහ ලෝකඩ පදක්කම් 33 ක්ද සමග දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 87 කි.
ඉන්දියාව දින පහක් තුළදී රන් පදක්කම් පමණක් 78 ක් දිනා මෙවරද දකුණු ආසියාවේ ක‍්‍රීඩා ආධිපත්‍යය පහසුවෙන්ම රැක ගෙන සිටියි. ඉන්දියාව රිදී පදක්කම් 36 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් සමගින් ලබා ඇති පදක්කම් සංඛ්‍යාව 124 කි. පාකිස්තානය මේ දක්වා ලබා ඇති රන් පදක්කම් ගණන පහකි.
රට |
රන් | රිදී | ලෝකඩ | එකතුව | |
ඉන්දියාව |
![]() |
78 | 36 | 10 | 124 |
ශ්‍රී ලංකාව |
![]() |
17 | 37 | 33 | 87 |
පාකිස්තානය |
![]() |
5 | 12 | 20 | 37 |
බංග්ලාදේශය |
![]() |
3 | 10 | 27 | 40 |
නේපාලය |
![]() |
1 | 5 | 15 | 21 |
ඇෆ්ගනිස්තානය |
![]() |
0 | 2 | 5 | 7 |
භූතානය |
![]() |
0 | 1 | 4 | 5 |
මාලදිවයින |
|
0 | 1 | 1 | 2 |
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.