Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය එක්ව සංවිධානය කරන සමපෝෂ කුසලාන වයස 15 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය මේ මස 13 වැනිදා ඇරැඹෙයි. මුලික වටයේ තරග සදහා පාසල් බාලක කණ්ඩායම් 500 ක් සහ බාලිකා කණ්ඩායම් 150 ක් සහභාගිවෙති.
සම්පූර්ණ තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 12,000 ක් ඉදිරිපත්ව සිටිති. දිස්ත්‍රික් සියල්ලම ආවරණය කරමින් පැවැත්වෙන මෙහි මුලික වටයේ තරග ස්ථාන 32 කදී පැවැත්වීමට නියමිතය.
අවසන් වටයේ තරග සදහා බාලක කණ්ඩායම් 32 ක්ද, බාලිකා කණ්ඩායම් 24 ක් ද තෝරා ගැනේ. අවසන් අදියර ඔක්තෝබර් මස 28, 29, 30 සහ 31 යන දිනවල පැවැත්වීමට පියවර ගෙන තිබේ.
තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දස්කම් මත දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව, දක්ෂතම ගෝල රකින්නා, දක්ෂතම ගෝල රකින්නිය තෝරා ගන්නා බවද සංවිධායකවරු පවසති.
පසුගිය වසරේදී ත්‍රිකුණාමලය කින්නියා මධ්‍ය මහ විද්‍යාලය පරාජය කළ කොළඹ සහිරා විදුහල විසින් බාලක ශූරතාව දිනාගන්නා ලද. කුරුණෑගල කවිසිගමුව මධ්‍ය මහ විද්‍යාලය පරාජය කළ යාපනය මහජන විදුහල් කණ්ඩායම විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදි.
‘සමපෝෂ’ නිෂ්පාදකයන් වන ප්ලෙන්ට් ෆුඞ්ස් සමාගම මෙම තරගාවලියට අඛණ්ඩව අටවැනි වරටත් අනුග්‍රහය දක්වයි.
ප්ලෙන්ට් ෆුඞ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට අනුග්‍රහකත්වය ලබාදුන් අයුරු.
ජයග්‍රාහී කණ්ඩායම් සදහා පිරිනමන ශූරතා කුසලාන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.