Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football සහිරා සත් සාමාජික පාපන්දු තරග 8 දා

සහිරා සත් සාමාජික පාපන්දු තරග 8 දා

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 12 වැනි වරට සංවිධානය කරන ‘සහිරා සුපර් 16’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් මස 8 වැනිදා පෙරවරු 8.30 සිට එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර ද පළමු වටය කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ හතරක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල අනුව කුසලාන, පළඟ, බඳුන සහ පළිහ යන ශූරතා සඳහා තරග පැවැත්වේ.

කුසලාන ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට කුසලාන සමගින් රුපියල් 50,000 ක්ද, අනු ශූරතාවට රුපියල් 30,000 ක් සහ තෙවැනි ස්ථානයට රුපියල් 20,000 ක් මුදල් ත්‍යාගයක් පිරිනැමේ.

පළඟ කුසලාන ශූරයන්ට රුපියල් 30,000 ක්ද, කුසලාන අනු ශූරයන්ට රුපියල් 25,000 ක්ද, බඳුන ශූරයන්ට රුපියල් 20,000 ක්ද, බඳුන අනු ශූරයන්ට රුපියල් 15,000 ක් ද, පළිහ ශූරයන්ට රුපියල් 10,000 ක් ද, පළිහ අනු ශූරයන්ට රුපියල් 5,000 ක් ද, පිරිනමන බව සංවිධායකයෝ පවසති.

ඊට අමතරව විශේෂ දක්‍ෂතා සඳහා ද කුසලාන පිරිනැමීමට කටයුතු යොදා තිබේ.   

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස කාගීල්ස් කොත්මලේ සමාගම කටයුතු කරයි.


තරගාවලියට සහභාගි වන පාසල්:

‘ඒ’ කාණ්ඩය: මීගමුව මාරිස්ටෙලා විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ ගම්පොළ සහිරා විදුහල

‘බී’ කාණ්ඩය: බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, යාපනය පනිපායි හින්දු විදුහල, කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ වෙස්ලි විදුහල

‘සී’ කාණ්ඩය: මරදාන සහිරා විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ හින්දු විදුහල

‘ඩී’ කාණ්ඩය: කොළඹ රාජකීය විදුහල, කොළඹ නාලන්දා විදුහල, බදුල්ල අල් අදාන් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල

 

කාගීල්ස් කොත්මලේ සමාගමේ වෙළෙඳ අධ්‍යක්‍ෂ බුද්ධික හේරත් මහතා විසින් සහිරා විදුහලේ විදුහල්පති ටී. මරික්කාර් මහතාට අනුග්‍රහක චෙක්පත නිලවශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව.
(ඡායාරූපය: ශමීර රාජපක්‍ෂ)


 

 


අදහස් (0)

සහිරා සත් සාමාජික පාපන්දු තරග 8 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.