Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. මේ මස 23 වැනිදා සිට ජනවාරී 3 වැනිදා දක්වා ති‍්‍රවේන්ද්‍රම් හිදී පැවැත්වෙන මෙම තරගාවලියට ඉන්දියාව, නේපාලය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, භූතානය සහ බංග්ලාදේශය යන දකුණු ආසියානු රටවල් සහභාගි වෙති.
ක‍්‍රීඩකයන් 26 දෙනකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ති‍්‍රවේන්ද්‍රම්හිදී පුහුණු තරග දෙකකට සහභාගි වන අතර ඉන් අවසන් ක‍්‍රීඩකයන් 23 දෙනා තෝරා ගැනීමට නියමිතය. පළමු පුහුණු තරගය ඉකුත් 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබු අතර දෙවැනි තරගය මෙම 14 වැනිදා පැවැත්වේ.
ශ‍්‍රී ලංකා පිල තරගාවලියේ මුලික වටයේදී ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදියි. ඉන්දියාව සහ නේපාලය ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ය. ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටි පාකිස්තානය තරගාවලියෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
මේ මස 23 වැනිදා නේපාලය සමග තරග කරන ශ‍්‍රී ලංකා පිල, 25 වැනිදා ඉන්දියාව සමග තරග කිරීමට නියමිතය.
තරගාවලියේ ශූරයන්ට සාෆ් ‘සුසූකි’ කුසලානය පිරිනැමේ. ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඇතුඵ පළමු පෙළ පාපන්දු තරගවලදී දැක්වූ දස්කම් සලකා බලා ශ‍්‍රී ලංකා පිල සංචිතයට ක‍්‍රීඩකයන් තෝරා ගෙන තිබේ.
ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම:
නාලක රොහාන් අමරතුංග (නායක), කවිඳු ඉෂාන් (උප නායක), ප‍්‍රභාත් රුවන් අරුණසිරි, ධනුෂ්ක රාජපක්‍ෂ, මොහොමඞ් රහුමාන්, චමීර සජිත් කුමාර, චලන චමීර, මධුෂාන් ද සිල්වා, මොහොමඞ් රිෆ්නාස්, මොහොමඞ් සර්වාන්, මොහොමඞ් සහීල්, සුජාන් පෙරේරා, මොහොමඞ් හකීම්, සුභාෂ් මධුෂාන්, චතුරංග සංජීව, දුමිඳු වසන්ත, චරිත බණ්ඩාර, සී.සම්පත්, නුවන් ප‍්‍රියංකර, එස්.නානරූබන්, චතුරංග මධුෂාන්, සුපුන් ප‍්‍රනාන්දු, මොහොමඞ් ඉෂදීන්, නිපුන බණ්ඩාර, ජෙම්ස් එඞ්සන්, සංඛ ධනුෂ්ක විජේසිරි
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.