Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සිටි ලීග් පිටියේදී කණ්ඩායම් 19 ක සහභාගිත්වයෙන් පැවැති සිටි ලීග් එක්ස්පෝ ලංකා කුසලාන අන්තර් සමාජ පාපන්දු වයස 19න් පහළ තරගාවලියේ ශූරතාව ජාවාලේන් ක්‍රීඩා සමාජය පිට පිටම දෙවැනි වතාවටත් හිමිකරගැනීමට සමත් විය. ඒ අවසන් මහ තරගයේ දී කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම දඬුවම් පහර 5-3කට පරාජය කරමිනි.
තරගයේ නියමිත කාලය දෙපිල ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීම හේතුවෙන් එහිදී ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක විය.
ජාවාලේන් ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය සඳහා රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ලැබූහ. අනුශූරතාව වෙනුවෙන් කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායමට රුපියල් 75,000ක ත්‍යාගය මුදලක් ප්‍රදානය විය.
මෙම කනිෂ්ඨ පාපන්දු අවසන් මහ තරගය නැරඹීමට 3000කට ආසන්න පිරිසක් සිටි ලීග් පිටියට රැස්ව සිටියහ. තරගයේ 59 වැනි විනාඩියේ සිට කොළඹ කණ්ඩායමට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවූයේ විනිසුරු වෙතින් රතු කාඩ්‍පත ලැබීමෙන් එහි මොහොමඩ් ෆාලික්ට පිටියෙන් පිටමන්වීමට සිදුවීම නිසාය.
මොහොමඩ් ලාෆර් 61 වැනි විනාඩියේ දී ගෝලයක් වාර්තා කිරීමෙන් කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණයේ අපේක්ෂා එක් අවස්ථාවක දී ඉහළ මට්ටමක පැවතුණි. එසේ වුවත් ඔවුන්ගේ එම අපේක්ෂා විනාඩි 20ක කාලයකට පමණක් සීමා කළ එම්. සඳුෂාන් 81 වැනි විනාඩියේ දී ජාවාලේන් කණ්ඩායමට එක් කරදුන් ගෝලයත් සමග තරගය සමවූයේ අළුත් සටනක් සඳහා දෙපිලම යළිත් තරගයට අවතීර්ණ කරවමිනි.
කෙසේ වුවත් පිරිනැමුණු දඬුවම් පහර පහම සාර්ථක කර ගත් ජාවාලේන් ක්‍රීඩකයෝ 2022 වසර සඳහාත් කුසලාන රැකගැනීමට සමත් වූහ.
මෙහිදී රන් පාවහන් සම්මානය වැඩිම ගෝල ගණනක් තරගාවලියේ වාර්තා කළ කොළඹ පිලේ තේෂාන් පුෂ්පිකට හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි ‘‘රන් පන්දුව’ සම්මානය ලැබුවේ ජයග්‍රාහී ජාවාලේන් පිලේ 16 හැවිරිදි ක්‍රීඩක මනෝහරන් තතුෂන් විසිනි.
අවසන් මහ තරගයට පිවිසි මෙම දෙපිලම දඬුවම් පහර මගින් ප්‍රතිවාදීන් පරාජයට පත් කරමින් අවසන් මහ තරගයට ප්‍රවේශවීම කැපී පෙනුණි. එහිදී ජාවාලේන් කණ්ඩායම විසින් කොළඹ ‘‘ප්‍රවීනයන්ගේ’ කණ්ඩායම ද (දඬුවම් පහර (7-8) කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායමද (දඬුවම් පහර 5-3) පරාජය කරන ලදී.
කොළඹ සිටි ලීගය තරගාවලිය සංවිධානය කළේය.
ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හිටපු සභාපති අනුර ද සිල්වා මහතා සහභාගි විය. විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූයේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ උප සභාපතිවරයෙකු වන කේ.පී.පී. පතිරණ මහතායි.
‘එක්ස්පෝ ලංකා’ සිටි ලීග් කනිෂ්ඨ පාපන්දු කුසලාන දිනාගත් ජාවාලේන් ක්‍රීඩා සමාජ කණ්ඩායම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.