Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 16කට පසු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගත් සෙනගල් කණ්ඩායම මෙවර සහභාගී වූ පළමු තරගයෙන්ම පෝලන්තයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලැබීමට අද (19) සමත් විය. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය රුසියාවේ ස්පාටාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තරගයේ 37 වැනි මිනිත්තුවේදී පෝලන්තයේ තියාගෝ ක්ලොනෙක් සිය පන්දුව තමන්ගේම දැල වෙත දමා ගැනීම නිසා තරග ආරම්භයේදීම සෙනගල් කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කරදුන්නේය. පළමු භාගයේ අවස්ථා කිහිපයකදීම පෝලන්තය ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළත් එයට සෙනගල් දැල රකින්නාගෙන් අවස්ථාවක් හිමි නොවීය.
ගෝල 1-0 ලෙස පළමු භාගයේ පෙරමුණ ලබාගත් සෙනගලය නැවතත් 60 වැනි මිනිත්තුවේදී තරගයේ තීරණාත්මක දෙවන ගෝලයද වාර්තා කරමින් තරගයට අවතීර්ණ විය. එහිදී සෙනගල් ක්‍රීඩක ම්බයෝ නියාග් හුදකලාව රැගෙන ආ පන්දුව ගෝල සීමාව ආසන්නයේදී පෝලන්ත දැල රකින්නාගෙන් මඟ හැරීම නිසා පහසුවෙන්ම පන්දුව දැල තුළට යොමු කරමින් එවර ගෝලය ලබා ගත්තේය.
සෙනගල් කණ්ඩාමය ගෝල 2-0 ලෙස පෙරමුණ ලබාගනිමින් ජයග්‍රහණය කරා යනවිට, තරගයේ 86 වැනි මිනිත්තුවේදී පෝලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමට ග්‍රෙගෝස් ක්‍රිචෝවියැක්ට හැකියාව ලැබිණ. නමුත් ඒ වනවිටත් ජයග්‍රහණයේ වැඩි ගෞරවය සෙනගල් කණ්ඩායම වෙත හැරී තිබුණි. එවිට තරගය නිමා වීමට ඉතුරුව තිබුනේ මිනිත්තු 4 ක් පමණි. ලබාදුන් අමතරව කාලයේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට පෝලන්තය ඉතා වෙහෙසක් දැරුවද, සෙනගල් කණ්ඩායම උපායශීලී පිළිවෙතක් අනුගමනය කරමින් පන්දුව කීප වතාවක්ම පිටියෙන්ම එපිටතට යොමු කරමින් වැඩි කාලයක් ඒ සඳහා යොදවනු ලැබීය.
මෙවර තරගාවලියට සහභාගී වූ රටවල් අතරින් අප්‍රිකානු රටක් ජයගත් පළමු තරගය ලෙස මෙය සටහන් වූ අතර, සෙනගල් කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ම්බයෝ නියාග් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.
පෝලන්තය 1974 සහ 1982 යන වර්ෂයන්හිදී, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්තානය දිනාගෙන ඇති මුත්, ඔවුන්ද මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි. අද (19) පස්වරුවේ කොළොම්බියාවට එරෙහිව පැවති තරගය ගෝල 2-1 කින් ජයගත් ජපානයද ‘එච්’ කාණ්ඩයෙන් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගැනීම සඳහා ජපානය සහ සෙනගලය අතර තරගය දැඩි තරගකාරීත්වයක් ගනු ඇත.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.