Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් අනුරාධපුර සොලිඞ් කණ්ඩායම ද, ‘බී’ කණ්ඩයෙන් වෙන්නප්පුව නිව් යංග්ස් කණ්ඩායම ද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
‘බී’ කාණ්ඩයෙන් තරග වදින වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම ගෝල 3-1 කට පරදවා සිය දෙවැනි ජයත් වාර්තා කරන ලදී. නිව්යන්ග්ස් කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින්නේ රිනවුන් කණ්ඩායමට වඩා ගෝල එකතුවේ එක් ගෝලයක වැඩි වීමකිනි.
වෙන්නප්පුව ‘ඇල්බට් එෆ් පීරිස්’ පිටියේදී පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය වාර්තා කළ නිව් යංග්ස් කණ්ඩායම වෙනුවෙන් ගානා ජාතික ක්‍රීඩක අන්කමා ජෝර්ජ් 41 වැනි මිනිත්තුවේද, හසිත ප්‍රියංකර සහ ෂෙහාන් ප්‍රනාන්දු ගෝල වාර්තා කළහ. නාවික හමුදා පිලේ නාලක රොෂාන් තරගයේ 29 වැනි මිනිත්තුවේදී ගෝලය ලබා ගත්තේය.
නිව්යංග්ස් ක්‍රීඩකයන් මෙවර තරගාවලියේ පළමු තරගයේදීම පොලිස් කණ්ඩායම පරාජය කළේ ද ගෝල 3-1 කට ය. මෙම සති අන්තයේදී ඔවුන් රිනවුන් කණ්ඩායමට එරෙහිව තවත් තරගයකට මුහුණ දීමට නියමිතය.
යුද හමුදා කණ්ඩායම සහ අනුරාධපුර සොලිඞ් යන කණ්ඩායම් මෙවර ප්‍රතිවාදීන්ට එරෙහිව දැවැන්ත ජයග්‍රාහණ වාර්තා කීරිමට සමත්විය.
‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අනුරාධපුර සොලිඞ් කණ්ඩායම විසින් සිවිල් ආරක්‍ෂක සේවා කණ්ඩායම ගෝල 6/0 කින් පරාජය කරන ලදී. සොලිඞ් කණ්ඩායම වෙනුවෙන් ජේ.ඒ.හෙන්රි ගෝල දෙකක්, ඕ.අයි. අබුමීර් ගෝලයක් සහ ඇන්ටන් රංජන් ගෝල තුනක් වාර්තා කිරීමට සමත්වුහ.
යුද හමුදා කණ්ඩායම හමුවේ බ්ලුස්ටාර් කන්ඩායම ගෝල 6-0 ක පරාජයක් ලැබීය.
ශූරයන්ගේ මෙවර තරගාවලියට සහභාගි වන ප්‍රබල කණ්ඩායම් අතර මීගමුව යූත් කණ්ඩායමේ පසුබෑම කැපී පෙනේ. මීට පෙර පොලිස් කණ්ඩායමට පරාජය වු යූත් ක්‍රීඩකයෝ මෙවර කොළඹ කණ්ඩායම හමුවේ ගෝල 4-0 ක පරාජයක් ලැබීය.
මීගමුව යූත් කණ්ඩායම මෙම තරගාවලිය දෙවතාවක් ජය ගත් ක්‍රීඩා සමාජයකි. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය මෙවර ගුවන් හමුදා කණ්ඩායමට පරාජය වීමෙන් සිය දෙවැනි පරාජයත් ලැබීය.
යුද හමුදා කණ්ඩායම සහ අනුරාධපුර සොලිඞ් යන කණ්ඩායම් මෙවර ප්‍රතිවාදීන්ට එරෙහිව දැවැන්ත ජයග්‍රාහණ වාර්තා කීරිමට සමත්විය.
ඒ කණ්ඩායම | |||||||||
ත. | ජ. | වි.නැ. | ප. | ගෝ.එ. | ලැ.ගෝ. | ප්‍ර. ගෝ. | ප්‍ර.ල | ||
1 | සොලිඩ් ක්‍රී.ස. | 2 | 2 | 0 | 0 | 8 | 0 | 8 | 6 |
2 | ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස. | 2 | 1 | 1 | 0 | 6 | 3 | 3 | 4 |
3 | අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රී.ස. | 2 | 1 | 1 | 0 | 4 | 2 | 2 | 4 |
4 | යුද හමුදාව | 1 | 1 | 0 | 0 | 6 | 0 | 6 | 3 |
5 | කොළඹ පාපන්දු සමාජය | 2 | 1 | 0 | 1 | 4 | 1 | 3 | 3 |
6 | බ්ලූ ස්ටාර් ක්‍රී.ස. | 2 | 1 | 0 | 1 | 1 | 6 | -5 | 3 |
7 | මාතර සිටි ක්‍රී.ස. | 1 | 0 | 0 | 1 | 1 | 4 | -3 | 0 |
8 | මීගමුව යූත් ක්‍රී.ස | 2 | 0 | 0 | 2 | 0 | 6 | -6 | 0 |
9 | සිවිල් ආරක්ෂක බලකාය | 2 | 0 | 0 | 2 | 0 | 8 | -8 | 0 |
බී කණ්ඩායම | |||||||||
ත. | ජ. | වි.නැ. | ප. | ගෝ.එ. | ලැ.ගෝ. | ප්‍ර. ගෝ. | ප්‍ර.ල | ||
1 | නිව් යංග්ස් ක්‍රී.ස. | 2 | 2 | 0 | 0 | 6 | 2 | 4 | 6 |
2 | රිනවුන් ක්‍රී.ස. | 2 | 2 | 0 | 0 | 5 | 2 | 3 | 6 |
3 | ගුවන් හමුදාව | 1 | 1 | 0 | 0 | 2 | 0 | 2 | 3 |
4 | නාවික හමුදාව | 2 | 1 | 0 | 1 | 4 | 3 | 1 | 3 |
5 | පොලීසිය | 2 | 1 | 0 | 1 | 4 | 5 | -1 | 3 |
6 | තිහාරිය යූත් ක්‍රී.ස. | 1 | 0 | 1 | 0 | 1 | 1 | 0 | 1 |
7 | ජාවා ලේන් ක්‍රී.ස. | 2 | 0 | 1 | 1 | 3 | 4 | -1 | 1 |
8 | සෝන්ඩර්ස් ක්‍රී.ස. | 2 | 0 | 0 | 2 | 1 | 4 | -3 | 0 |
9 | සුපර් සන් ක්‍රී.ස. | 2 | 0 | 0 | 2 | 1 | 6 | -5 | 0 |
ත.- තරග ජ. - ජය, ප. - පරාජ, වි.නැ. - විසඳුම් නැති, ගෝ.එ. - ගෝල එකතුව, | |||||||||
ලැ.ගෝ. - ලැබූ ගෝල, ප්‍ර.ගෝ. - ප්‍රතිවාදී ගෝල, ප්‍ර.ල. - ප්‍රසාද ලකුණු |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.