Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ෆිෆා වත්කම ඩොලර් බිලියන 5.7 යි

ෆිෆා වත්කම ඩොලර් බිලියන 5.7 යි

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අද ස්විට්සර්ලන්තයේ වේලාවෙන් යුරිච් නුවර ”හෙලන් ස්ටේඩියම්” සුදර්ශන ශාලාවේදී ඇරඹෙන ලෝක පාපන්දු සමුළුවේ විශේෂ නිලවරණයට සහභාගිවන රටවල් ගණන 207 ක් වූවත් ඡන්ද බලය හිමිවන්නේ රටවල් 204 කට පමණි. ඒ ඉන්දුනීසියාව හා කුවේටය තහනමට ලක්වීමත් ”මරියානා” රාජ්‍යය මෙතෙක් අන්තර් ජාතික පාපන්දු සමුළුව විසින් නිල වශයෙන් පිළිගෙන නෙතිබීමත් යන කාරණා මතය.


අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පමණක් දෙවැනිවන ලොව ප‍්‍රධානතම ක‍්‍රීඩා සංවිධානය වන අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වත්කම වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක් දක්වා ඉහළගොස් තිබේ.


කෙසේ වුවත් 1998 දී බ්ලැටර් මහතා එහි මුල් පුටුවට පත්වන විට අන්තර් ජාතික පාපන්දු සමුළුවේ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 200 කට පමණක් සීමාවී තිබූ බව පැවසේ.


පාපන්දු ක‍්‍රීඩාවේ ආචාරධර්ම වලට පටහැනි ක‍්‍රියාවල නිරතවීමේ චෝදනා ලබා අවසානයේදී ද්‍රෝහියෙකු ලෙස ලෝක පාපන්දු සමුළුවෙන් පිටමං කළත් බ්ලැටර් මහතා තවදුරටත් ලෝක පාපන්දු සමුළුවට බලපෑම් කළ හැකි චරිතයක් ලෙස සැලකේ.


●●●

 


අදහස් (0)

ෆිෆා වත්කම ඩොලර් බිලියන 5.7 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.