Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ෆිෆා කමිටුවෙන් අනුර ඉවතට

ෆිෆා කමිටුවෙන් අනුර ඉවතට

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ජාතික සම්මේලන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා අද (22) මේ බව පැවසීය.

වසරකට වැඩි කාලයක් එම ධුරය දැරූ අනුර ද සිල්වා මහතාගෙන් ඒ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ කමිටුවල ව්‍යුහයන් වෙනස් කිරීමට එම සම්මේලනය ගෙන තිබෙන තීරණයක් අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබූ එහි ජාතික සම්මේලන කමිටුවේ සාමාජිකත්වය අහෝසි වී තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙසේ ද පැවසීය.

“මේ තනතුර ශ්‍රී ලංකාවට අහිමිවීම ගැන සමහරු කතා ගොතනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනයේ මාධ්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාගේ හැසිරීම ඉතාම කනගාටුදායකයි”

“ඔහු පාපන්දු සම්මේලනයේ විධායක සභිකයෙක්. මේ සිද්ධියේදී ඔහු කටයුතු කළ ආකාරය පිළිගන්න බෑ. ඒ නිසා පාපන්දු සම්මේලනයේ මීළඟ විධායක සභා රැස්වීමේදී ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස විධායක කමිටුවට යෝජනා කරන්න මා බලාපොරොත්තු වෙනවා.” යයිද අනුර ද සිල්වා මහතා පැවසීය.

රංජිත් රුද්‍රිගු මහතා පැවසුවේ තමන් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස සිටියදී එම ධුරය ශ්‍රී ලංකාවට ලබාගැනීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් හා සාකච්ඡා කළ බවයි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පරිපාලන ඒකකය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබූ එකම තනතුර ද එය විය.

 


අදහස් (0)

ෆිෆා කමිටුවෙන් අනුර ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.