Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ෆීෆා දෙවැනියා ලංකාවට එයි

ෆීෆා දෙවැනියා ලංකාවට එයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන කලාප සංවර්ධන වැඩමුලූවකට සහභාගිවීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මහ ලේකම් ජෙරම් චැල්කි මහතා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ප‍්‍රංශ ජාතිකයකු වන වැල්කි මහතා ශී‍්‍ර ලංකාවට පැමිණෙන පළමු අවස්ථාවද මෙය වේ.

මෙම කළාප වැඩසටහනට සහභාගි වීම සඳහා ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් ඇලෙක්ස් සොසේ මහතා ඇතුලූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරීන් දහ දෙනකු පමණ ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

ජෙරම් චැල්කි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුලූවට දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය පාපන්දු සංගම්වල සභාපතිවරු, ලේකම්වරු සහ තාක්‍ෂණික අධ්‍යක්‍ෂකවරුද සහභාගි වෙති.

ඉතිහාසයේ ශ‍්‍රී ලංකාවේ පවත්වනු ලබන වැදගත්ම පාපන්දු වැඩමුලූවද මෙය වන එහිදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප‍්‍රතිසංස්කරණ, සංවර්ධන වැඩසටහන්, පරිපාලන කටයුතු සහ තාක්‍ෂණික අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.


 - 033


අදහස් (0)

ෆීෆා දෙවැනියා ලංකාවට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.