Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් කණ්ඩායම් 16 අතර ස්ථානයක් අත්කරගැනීමේ අරමුණ ඇතිව, සත්කාරක රට වන බ්‍රසීලය අඟහරුවාදා (අද) මෙක්සිකෝව සමග තරග වදියි.
පසුගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු රන් පදක්කම දිනා ගැනීමට බ්‍රසීලයට තිබූ සිහිනය බිඳ දැමුවේ මෙක්සිකෝවය. දකුණු අමෙරිකාවේ විශාලතම රාජ්‍යය පරාජය කළ මෙක්සිකානුවෝ 2-1ක ජයක් අත්කර ගැනීමට එදා සමත් වූහ. ඒ මීට වසර දෙකකට පෙර ලන්ඩනයේදීය. බ්‍රසීල ජයග්‍රහණ ලැයිස්තුවේ තවමත් අඩුවක්ව පවතින ඔලිම්පික් පාපන්දු රන් පදක්කම බ්‍රසීලයෙන් ගිලිහී ගියේ එලෙසිනි.
දැන් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට සහභාගි වීම සඳහා මෙක්සිකෝ පිල බ්‍රසීලයට පැමිණ සිටී. එහෙත් මෙක්සිකෝවට එරෙහිව එවැන් පළිගැනීමේ චේතනාවක් සිය කණ්ඩායමේ න්‍යාය පත්‍ර යේ නැතැයි බ්‍රසීලයේ ප්‍රහාරකයා වන හල්ක් පවසයි. අවසන් 16 අතරට සුදුසුකම් ලැබීමේ අරමුණට පමණක් තම කණ්ඩායම සිත යොමු කොට ඇති බව ඔහු කියයි.
මෙක්සිකෝව හා බ්‍රසීලය අතර තරගය පැවැත්වෙන්නේ ෆෝටලීසා හී කැස්ටලාඕ ක්‍රීඩාංගණයේ දීය. දෙපිල පසුගිය වසරේ සහ-සම්මේලන කුසලාන තරගමාලාවේ මූලික වටයේ තරගයකට සහභාගී වූයේද මේ ක්‍රීඩාංගණයේදීමය. එහිදී බ්‍රසීලය හමුවේ මෙක්සිකෝව පරාජයට පත්විය.
”අපි මේ තරගයේදිත් ඒ දෙයම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පළිගැනීමක් ගැන හිතන්න ගියොත් ඒක අපිටම ප්‍රශ්නයක් වේවි” හල්ක් කියයි. එදා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී මෙක්සිකෝවට එරෙහිව ගෝලයක් වාර්තා කළේද හල්ක්ය. එදා ඔහු සමග නේමර්, තියාගෝ සිල්වා, මාර්සිලෝ හා ඔස්කාර්ද ඒ තරගයට ක්‍රීඩා කළහ.
”ඔව් ඇත්තටම ඒක හරිම කණගාටුදායක පරාජයක්. ඒක බ්‍රසීලය කවදාවත් දිනාගෙන නැති පදක්කමක්. අන්තිමට අපි පැරදුණා. මෙක්සිකෝව හොඳ කණ්ඩායමක්. ඊළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ අපේ රටේ. (රියෝ ද ජැනෙයිරෝ) එදාට අපිට ඔලිම්පික් රන් පදක්කම දිනාගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා” යයි ඔස්කාර් කියයි.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ක්‍රොඒෂියාව සමග පැවැති මුල්ම තරගයේදී ඔස්කා විශිෂ්ට දස්කම් පෑවේය.
”පසුගිය වසරේ තරගය වගේම මේ තරගයත් තරමක් අසීරු වේවි. ලෝක කුසලාන තරගයක් දිනා ගැනීම කියන්නේ ලොකු දෙයක්. මෙක්සිකෝව ක්‍රොඒෂියාව වගේ නෙවෙයි. එයාලා ඊට වඩා වෙනස්” ඔස්කාර්ගේ අදහස එහෙමය.
2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බ්‍රසීලය පරාජය කරමින් පාපන්දු රන් පදක්කම දිනූ මෙක්සිකෝ පිලේ ක්‍රීඩකයන් 8 ක්ම අද තරගයට එක්වී සිටිති. ඔවුන් මෙවර තරගමාලාවේ පළමු තරගයේ දී කැමරුන් පිල පරාජය කළේ ගෝල 1-0 කින්ය. ඒ ගෝලයට හිමිකම් කීවේ ඔරිබි පෙරල්ටාය. ඔහුගේ දස්කම් ගැන බ්‍රසීලය හරිහැටි දැන සිටියත් ඔලිම්පික් පාපන්දු අවසන් තරගයේ දී බ්‍රසීලයේ පරාජයට ඔහුගේ දස්කම් බෙහෙවින් ඉවහල් වීය.
සත්කාරක බ්‍රසීලය අඟහරුවාදා තරගයේ දී පෙරල්ටා ගැන වාගෙම තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන මිගෙල් ලේයුන් ගැනත් වැඩි අවධානයක් යොමු කොට තිබේ. ඔහු කැමරුන් පිල සමග පැවැති තරගයේ දී ක්‍රීඩා කළ අයුරු අතිවිශිෂ්ටය. බ්‍රසීලයේ ශක්තිමත් ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමේ හැකියාව ඔහු සතුය.
බ්‍රසීලයට එරෙහිව ලෝක කුසලාන පාපන්දු තරගවලදී මෙතෙක් දක්වා ඇති දුක්ඛිත වාර්තාව මෙවර බිඳ දැමීම මෙක්සිකෝවේ අරමුණ වී ඇත. මීට පෙර දෙපිල මුණ ගැසුණු අවස්ථා තුනේදීම ඔවූහූ බ්‍රසීලය හමුවේ පරාජයට පත්වූහ. ඒ සෑම අවස්ථාවක දීම ගෝලයක් වාර්තා කිරීමට මෙක්සිකෝව අසමත්වීම විශේෂත්වයකි.
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක දෙපිල අවසන් වරට මුණගැසී ඇත්තේ මීට වසර 52 කට පෙරය. ඒ 1962 චිලී හී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.