Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් සේ සලකන ඉන්දියාව තුළ නව පාපන්දු සංස්කෘතියක් ඇතිකරමින් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ‘ඉන්දියා සුපර් ලීගය‘ මගින් ලබාගැනීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මහලේකම් ජෙරොම් වැල්කී මහතා කියයි.
‘ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කර ඉතා ඉක්මනින්ම ලෝක කුසලාන තරගමාලාවකට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව දෙන්න ඕනෑ අපි හැමෝටම තිබෙන එකම ඉලක්කයයි.‘ ඉන්දියා සුපර්ලීගයේ වෙබ් අඩවියට වැල්කී මහතා කියා සිටියේය.
අයි.පී.එල්. තරගාවලියට සමාන ආකාරයෙන් පැවැත්වෙන ඉන්දියා සුපර් ලිග් පාපන්දු (අයි.එස්.එල්) තරගමාලාව සති දහයක් පුරාවට විහිදී යන්නකි.
පසුගිය ඉරිදා ආරම්භ කළ මේ තරගමාලාව මාධ්‍ය ලෝකයේ පතාක යෝධයකු වන රූපට් මර්ඩොක් මහතාට අයත් ʻස්ටාර් ටීවීʼ ඔස්සේ සජිවිව විකාශය කෙරේ. ලෝකයේ ක්‍රීඩා කළමනාකරණයේ දැවැන්තයින් වන අයි.එම්.ජී.සමාගම හා ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයකු වන මුකේෂ් අම්බානී අයි.එස්.එල්. තරගමාලාවට සිය දායකත්වය ලබා දී තිබේ.
හිටපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් වන සචින් තෙන්ඩුල්කර් සහ සව්රව් ගන්ගුලිද, බොලිවුඩ් රිදීතිරයේ ඉදිරිපෙළේ රංගන ශිල්පීන් වන රන්බීර් කපූර් සහ අභිෂේක් බච්චන්ද, ස්පාඤ්ඤයේ ලා ලීගා පාපන්දු තරගමාලාවට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමද අයි.එස්.එල්. තරගමාලාවට එක්වී සිටින කණ්ඩායම් 8 හී සම හිමිකරුවන් අතර සිටිති.
අන්තර්ජාතික පාපන්දු පිටියේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් වන ඉතාලියේ ඇලෙසැන්ඩ්‍රෝ ඩෙල් පියරෝ, ආර්සෙනල් පිලේ හිටපු මැදපෙළ ක්‍රීඩක ෆ්‍රෙඩී ල්ජන්බර්ග්, ප්‍රංශයේ හිටපු ක්‍රීඩක නිකලස් ආනෙල්කා, රොබට් පිරෙස් සහ ඩේවිඩ් ට්‍රෙස්ගොට් අයි.එස්.එල්. තරගමාලාවේ කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.
‘මම හිතන්නේ ලෝක පාපන්දු පිටියේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් තරගමාලාවට එක්වීම අතිශය වැදගත්. ඔවුන් ලොවපුරා කුඩා දරුවන්ගේ වීරයෝ. අනිත් එක තරගමාලාවට යොවුන් තරුණයන්ගේ ආකර්ශනය දිනා ගන්නත්, ඔවුන් ක්‍රීඩාවට පොළඹවා ගන්නත් ඒක හොඳ මාර්ගයක් වේවිʼʼ යයි වැල්කී මහතා පවසයි.
නවදිල්ලි නුවරදී පසුගිය අඟහරුවාදා පැවැති ගෝල රහිත උදාසීන තරගයක් බවට පත්වූ ඩෙල් පියරෝගේ ‘දිල්ලි ඩයිනමෝස්‘ සහ ට්‍රෙස්ගොට්ගේ ‘එෆ්.සී.පූනේ සිටි‘ අතර තරගය නැරැඹීමට එක්වී සිටි වැල්කි මහතා කියා සිටියේ තරගය නැරැඹීමට පැමිණ සිටි ක්‍රීඩාලෝලීන්ගේ උද්යෝගයෙන් ඔහු විමතියට පත්වූ බවය.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ප්‍රධානි සෙප් බ්ලැටර් මහතා වරක් ඉන්දියාව හැඳින්වූයේ පාපන්දු ලෝකයේ නිදිගත් දැවැන්තයා ලෙසයි. ඉන්දියාව 2017 අවුරුදු 17න් පහළ පාපන්දු ලෝක කුසලාන තරගමාලාවට සත්කාරකත්වය ලබාදීමෙන් ඉමහත් අභිවෘද්ධියක් අත්කර ගනු ඇතැයි ද වැල්කී කීවේය.
‘ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට අපට කළ හැකි හැමදේම අපි කරනවා. අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට සත්කාරකත්වය ලබාදීමේ වගකීම අපි ඉන්දියාවට පැවැරුවේ ඒ නිසයි. අපිට මේ සඳහා ඉන්දියා බලධාරීන්ගේ සහාය අවශ්‍යයි. ඒ වගේම ක්‍රීඩාංගණ වැඩිපුර අවශ්‍යයි.‘ වැල්කී මහතා කියා සිටියේය.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව 158 වැනි තැන කල්මැරීම ගැන යොවුන් ක්‍රීඩකයන් සංවර්ධනය කිරිමටත්, පුහුණුවීමේ ක්‍රීඩාංගණ ඉදි කිරීමටත් අසමත්වූ ඉන්දීය පාපන්දු බලධාරීන්ට බරපතල චෝදනා එල්ලවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.