Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ඔලෙයාම්ගෙන් ගෝල ත්‍රිත්වයක්

ඔලෙයාම්ගෙන් ගෝල ත්‍රිත්වයක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී බේරුවල සුපර් සන් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයෙකු වන අෆීෂ් ඔලායෙම් අප්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. එම ගෝල ත්‍රිත්වය සමඟම සුපර් සන් කණ්ඩායම 5-2 ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරගයේ පළමු භාගයේ 10, 12 සහ 19 යන මිනිත්තු වලදී අෆීෂ් ඔලායෙව් එම ගෝල ත්‍රිත්වය වාර්තා කළේය. මීට අමතරව ඊයේ (4 දා) පැවති තරග වලදී ක්‍රිස්ටල් පැලස් සහ ගුවන් හමුදා  යන කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත් වූහ.


10 වැනි සතියේ තරග ප්‍රතිඵල

■    බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය විසින් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ගෝල 5-2)
■    ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය විසින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.(ගෝල 3-1)
■    ගුවන් හමුදාව විසින් මාතර සිටි ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී. (ගෝල 1-0)
■    සොලිඩ් ක්‍රීඩා සමාජය විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල 1-1)

(ඡායාරූප - වරුණ කරුණාසේකර)


අදහස් (0)

ඔලෙයාම්ගෙන් ගෝල ත්‍රිත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.