Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ගුවන් හමුදාවට 1-0 ක පහසු ජයක්

ගුවන් හමුදාවට 1-0 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ගුවන් හමුදා පිලේ නිපුන දේවේන්ද්‍ර බණ්ඩාර ජයග‍්‍රාහී ගෝලය ලබාගත් අයුරු...

 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම සහ භූතානයේ උග්යන් ඇකඩමි පාපන්දු පිල අතර ඊයේ (7 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති පාපන්දු තරගයේදී ගෝල 1-0 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් ගුවන් හමුදා පිලට ප‍්‍රසාද ලකුණු 3 ක් එක්විය.

ආසියානු පාපන්දු සම්මේලන සභාපතිවරයාගේ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා ආසියානු රටවල පාපන්දු ලීග් ශූරතා ජයගන්නා කණ්ඩායම් අතරේ මෙම තරගාවලිය පැවැත්වෙයි.

තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ලකුණු ලබා නොගත් අතර දෙවැනි අර්ධයේ 13 වැනි විනාඩියේදී නිපුන දේවේන්ද්‍ර බණ්ඩාර ගෝලයක් ලබාගනිමින් ගුවන් හමුදා පිල ඉදිරියට ගෙන ගියේය.

බංග්ලාදේශයේ ශේක් රසල් කේ. සී. පිල සහ පාකිස්තානයේ කේ. ආර්. එල්. පාපන්දු පිල අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා දෙපිලටම ප‍්‍රසාද ලකුණක් බැගින් හිමිවිය.
 
ගුවන් හමුදා පිලේ මීලග තරගය අද (9 වැනිදා) බංග්ලාදේශයේ ශේක් රසල් පිලට එරෙහිව පස්වරු 4.30 ට පැවැත්වේ.

 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සහ භූතානයේ උග්යන් ඇකඩමි පිල අතර තරගයේ උණූසුම් අවස්ථා...

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

ගුවන් හමුදාවට 1-0 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.