Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ්ලූ ස්ටාර්ස් - යුද හමුදා අවසන් ගැටුම හෙට

බ්ලූ ස්ටාර්ස් - යුද හමුදා අවසන් ගැටුම හෙට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් සමාජ ‘කාගිල්ස් ෆුඞ් සිටි’ එෆ්.ඒ. කුසලාන පාපාන්දු තරගාවලියේ අවසන් මහ තරගය හෙට (22) රාත‍්‍රි 7.00ට යුද හමුදා කණ්ඩායම හා කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම අතර සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වසරේ ප‍්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට මෙවර සහභාගි වූ කණ්ඩායම් ගණන 173 කි. දිවයිනේ පාපන්දු ලීග් 41ක් නියෝජනය කරමින් එම කණ්ඩායම් තරග වැදුණි.

සුගතදාස පිටියේදී පාපන්දු සම්මේලනය එෆ්.ඒ. කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයක් පවත්වන්නේ වසර හයකට පසුවය.

මෙවර අවසන් මහ තරගයට තේරුණු යුද හමුදාව ගියවර තරගාවලියේදී අනුශූරතාව හිමිකරගත් කණ්ඩායමයි. වසර 2011 දී ශූරතාව දිනාගත්  යුද හමුදාව 2009 දීද අනුශූරතාව හිමිකර ගෙන තිබේ.

කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායමට එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගය අළුත් අත්දැකීමකි. ඔවුන් මෙවර අවසන් මහ තරගය ජයගතහොත් ඒ ඔවුන් එෆ්. ඒ. පාපන්දු කුසලානය දිනාගන්නා පළමු අවස්ථාවයි.

මෙවර එෆ්.ඒ කුසලාන අවසන් මහ තරගය වඩාත් උත්සවශ්‍රීයෙන් පවත්වන බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි. නරඹන්නන්ද 20,000ක් පමණ අද අවසන් මහ තරගයට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ප‍්‍රධාන පේ‍්‍රක්‍ෂකාගාරය හැරෙන්නට සුගතදාස ක‍්‍රීඩාංගනයේ සෙසු සියලූම පේ‍්‍රක්‍ෂකාගාර නරඹන්නන්ට අද නොමිලේ විවෘත කරන බවද පාපන්දු සම්මේලනය ප‍්‍රකාශ කරයි.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග කළ යුද හමුදා කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ප‍්‍රබල කොළඹ සිටිලිග් කණ්ඩායම ගෝල 2-0 කට පරාජය කළේය.

බ්ලූස්ටාර්ස් කණ්ඩායම තරගාවලියේ පස් වැනි වටයේ සිට තරග වැදුණු අතර ගිය වර ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායමේ මෙවර තරග බලාපොරොත්තු බිඳ දමමින් බ්ලූ ස්ටාර්ස් පිල අවසන් පූර්ව තරගය ජය ගත්තේය.

මෙවර එෆ්.ඒ කුසලාන තරගාවලියට අළුත් අනුග‍්‍රාහකයෙකු එක් වූ අතර ඒ කාගිල්ස් ෆුඞ් සිටි ආයතනයයි. තරගාවලියේ ශූරයන්ට රුපියල් ලක්‍ෂ හතක් හා අනුශූරයින්ට රුපියල් ලක්‍ෂ පහක් පිරිනැමේ. අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා, තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා, දක්‍ෂතම දැළ රකින්නා හා තරගාවලියේ හොඳම විනිසුරු සඳහා ‘රන් සම්මාන’ ප‍්‍රදානය කිරීමටද කටයුතු යොදා තිබේ.

අවසන් මහ තරගය විදේශීය පාපන්දු විනිසුරුවරයෙකු විසින් විනිශ්චය කෙරේ. ඒ සඳහා කාටාර් දේශයෙන් ජාත්‍යන්තර විනිසුරු අබ්දුර් රහමන් මහතා නොමිලේ පාපන්දු විනිසුරුවරයෙකුගේ සේවය ලබා දී තිබේ.

අවසන් මහ තරගය හා ජය සංකේත ප‍්‍රදානෝත්සවය මල්වෙඩි සංදර්ශනයක් මධ්‍යයේ පැවැත්වේ. යුද හමුදාව ඉදිරිපත් කරන 2000 කගේ සහභාගිත්වයෙන් යුත් විශේෂාංග ඇතුළත් සංදර්ශනයක් ද ඒ අතර වෙයි.

අවසන් මහ තරගයේ ප‍්‍රධාන ආරාධිතයා වන්නේ ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාය. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසාමිල්, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති අර්ජුන ජොන්ස්ටුන් ඩෝයි, කාර්ගිල්ස් ෆුඞ් සිටි ආයතනයේ ප‍්‍රධාන විධායක සිදත් කොඩිකාර, යුද හමුදාපති දයා රත්නායක, අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඞ්ලි සිරිසේන යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකාවේ කටාර් තානාපති කාර්යාලයේ හා ජපන් තානාපති කාර්යාලයේ ඉහළ පෙලේ නිලධාරින් කීප දෙනෙක්ද සහභාගි වෙති.


එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගයේ තරග වදින කණ්ඩායම්

 

 

 

 

 

 

 

 

 

යුද හමුදා කණ්ඩායම
පසුපෙළ වමේ සිට සජිත් කුමාර, එම්. ඉසඩින්, මධුශාන් සිල්වා, ලසන්ත කුමාර, ඩිලාන් උදයංග, කුමාර සිරිසේන ඉදිරිපෙළ වමේ සිට- උදය කීර්ති, බණ්ඩාර වරකාගොඩ (නායක), චතුර ඒකනායක, රොහාන් අප්පුහාමි හා ධනුෂ්ක විජේසිරි..

 

 

 

 

 

 

 

 

 

 

බ්ලූස්ටාර්ස් කණ්ඩායම
පසු පෙළ වමේ සිට ඒ.එම්.ඩබ්. ෆසීන්, එම්.එස්.එම්. ෆර්හාන්, රංගන සිල්වා, එම්.කේ.එම්. නජීම්, ජයන්ත සීමන්, ඞී.ඒ. ඔලෙයිම්. ඉදිරිපෙළ වමේ සිට. එම්. එස්. රහමන්, ඒ.එම්. අක්මාල්, එම්.එන්.එම්. ෆහීර්, එම්.එම්.එම් රමීස්, මංජුල ප‍්‍රනාන්දු (නායක)

 


අදහස් (0)

බ්ලූ ස්ටාර්ස් - යුද හමුදා අවසන් ගැටුම හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.