Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලිරෝයි ෆර් හා මෙම්පිස් ඩිපේ අවසන් මොහොතේ රැස් කළ ගෝල ද්විත්වය මත 2-0 කින් චිලී කණ්ඩායම පරදවා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තය සමත්විය. එබැවින් ඔවුන්ට දෙවැනි වටයේ දී සත්කාරක බ්රසීල කණ්ඩායමට මුහුණ දීමට සිදුවන්නේ නැත.
එසේ වුවත් ඊයේ තරගයෙන් පරාජයට පත්වූ චිලී කණ්ඩායමට ඒ අවදානම බාර ගැනීමට සිදුවී තිබේ.
කොරින්තියස් ක්රීඩාංගණයේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම චිලී කණ්ඩායම සිය සුපුරුදු සටන්කාමී ක්රීඩා රටාවේ නිරතවිය. තරගයේ 13වැනි මිනිත්තුවේ දී මෙනාට සහ වෙර්ගාස්ට ද, 22 වැනි මිනිත්තුවේ දී ඇලෙක්සිස් සැන්චේස්ට ද, පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ගුටීරස්ට ද ගෝල ලබාගැනීමේ අවස්ථා කිහිපයක්ම මඟ හැරිණි.
තරගයේ 36 වැනි මිනිත්තුවේ සහ 63 වැනි මිනිත්තුවේ ඔවුන් ඉල්ලා සිටි දඬුවම් පහර දෙකක් ද විනිසුරු නිශ්ප්රභා කර දැමුවේය.
මුළු තරගය පුරාම නෙදර්ලන්තයට එරෙහිව ගෝලයක් රැස් කිරීමට චිලී කණ්ඩායම දැරුවේ ප්රබල උත්සාහයකි. චිලී පිල ඒ වනවිට අවසන් 16ට එක්වී තිබුණත් දෙපිලේම අරමුණ වී තිබුණේ සත්කාරක බ්රසීලය පිළිමලුන් පිටුදැකීමේ දෙවැනි වටයෙන් මඟ හරවා ගැනීමටය.
නෙදර්ලන්තයේ වෙස්ලි ස්නයිජර් වෙනුවට අතිරේක ක්රීඩක ෆර් පිටියට පැමිණෙන තුරුම තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව නිමාවට පත්වන බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් 77 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ බලාපොරොත්තුව ඉහළ දැමූ ෆර් තම හිසෙන් ගැසූ පහරෙන් නෙදර්ලන්තයේ පළමු ගෝලය වාර්තා විය. අනතුරුව තරගයේ අවසන් මිනිත්තුවේ අර්ජෙන් රොබෙන් යොමු කළ පන්දුව ඩිපේ විසින් දැළ තුළට යවනු ලැබීම නිසා නෙදර්ලන්තයට ජයගෙන දෙමින් තරගය නිමාවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.