Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner බ‍්‍රසීලයට විනෝදයේ හිරු පායයි

බ‍්‍රසීලයට විනෝදයේ හිරු පායයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරෝධතා, අසම්පූර්ණ කී‍්‍රඩාංගණ, ප‍්‍රවේශපත් විකිණීමේ අක‍්‍රමිකතා ආදී මෙකි නොකී සියලූ අර්බුද වලින් අවුල් ජාලාවක් බවට පත්වෙතැයි ඇතැමුන්ගේ බිය පළ වී තිබුණත් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වී සතියක් ගතවීමටත් මත්තෙන් එය සැබෑ සැණකෙළියක ස්වරූපය ගෙන තිබේ.

තරග පැවැත්වෙන්නේ රාති‍්‍රයේ බැවින් සෑම නගරයක්ම අවදියෙන් සිටින නගරවාසීහු එදිනෙදා කටයුතු- අවසන් කර රාති‍්‍රය විනෝදයට තෝරාගෙන සිටිති.

මවිත වන්නට දෙයක් නැත. ඒ පාපන්දු තරගාවලියක සාමාන්‍ය ස්වරූපයයි. ඇරත් මේ ලෝක කුසලාන තරගාවලිය වන බැවින් පාපන්දු ලෝලීන්ට පාපන්දු කී‍්‍රඩාව ගැන මිස අන් යමක් ගැන වැඩි හැගීමක් නැත.

බ‍්‍රසීලය තමන් ඇතුළත් වන ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර විදේශීය පාපන්දු ලෝලීහු බ‍්‍රසීලයට පැමිණෙමින් සිටිති. සෑම තැනකම කපිරිඤ්ඤා තාල වැයෙමින් කෙරෙන නැටුම් ගැයුම්ය. මේ බ‍්‍රසීලයයි. පාපන්දු කී‍්‍රඩාව හමුවේ ඔවුන්ට සියලූ දේ අමතකය. දැන් සියල්ලම සාර්ථක වෙමින් තිබේ.

බ‍්‍රසීල පාපන්දු කී‍්‍රඩාවේ සදාතනික වීරයකු වන සීකෝ මෙම සාර්ථකත්වය පිළිබඳ ස්තුති කරන්නේ අන් කවරකුට හෝ නොව බ‍්‍රසීල පාපන්දු කණ්ඩායමටයි.

”ඔවුන් මිනිසුන්ව සතුටු කළා” යයි තරගාවලියේ පළමු තරගයට කී‍්‍රඩා කළ බ‍්‍රසීල කණ්ඩායම විසින් සා ඕ පාවුලෝ නුවරදී ක්‍රොඒෂියාව ගෝල 3-1 කින් පරාජය කිරීම සම්බන්ධයෙන් සීකෝ පවසයි.

මේ දක්වා පැවැති තරග 17 දී ගෝල 49 ක් වාර්තා වී තිබෙන අතර එය සුබවාදී පාපන්දු කී‍්‍රඩාවක ඉතාමත් සාර්ථක ප‍්‍රතිශතයකි. තරග දෙකක් පමණක් නිලකුණු තත්ත්වයෙන් ජය පරාජයෙන් තොරව අවසන් වුවත් බ‍්‍රසීලය සමගින් තරග කර පරාජය නොවී සිටීමත් මෙක්සිකෝවට ජයග‍්‍රහණයකි. බ‍්‍රසීල - මෙක්සිකෝ තරගය අවසන් වූයේ 0-0 ක් ලෙසිනි.

මෙම තරගය ආරම්භ වීමට පෙර බ‍්‍රසීල ප‍්‍රහාරකයකු වන හල්ක් පැවසුවේ ඔලිම්පික් රන් පදක්කම තමන්ට අහිමි කිරීම ගැන මෙක්සිකෝව පිළිබඳ අහිතක් නැති බවත් මෙම තරගයේදී බ‍්‍රසීල අරමුණ පළි ගැනීම නොවන බවත්ය.

තරගයේදී බ‍්‍රසීල ප‍්‍රහාරකයන් හමුවේ නොසැලී සිටිමින් දැළ තුළට ඇදී ආ පහර 3 ක්ම වළකාගත් මෙක්සිකෝවේ දැළ රකින්නා වන මෙමෝ ඔචෝවා එක රැයකින් මෙක්සිකෝවේ ජාතික වීරයෙක් බවට පත්ව සිටී. මෙක්සිකෝ පුවත් පත් ඔචෝවාගේ දස්කම් සංසන්දනය කරන්නේ පේලේ කී‍්‍රඩා කළ 1970 තරගාවලියේදී එංගලන්ත දැළ රකින්නා වූ ගෝර්ඞ්න් බෑන්ක්ස්ගේ දස්කම් සමගිනි.

පාපන්දු ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවන් වන ස්පාඤ්ඤ කණ්ඩායම නෙදර්ලන්ත පිල හමුවේ ලද ගෝල 5-1 ක පරාජය කිසිවකුට අදහාගත නොහැකි වී තිබේ. එමෙන්ම මේ වසරේ ලෝකයේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයා වන කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේද සේවය හිමි පෘතුගාලය ජර්මන් කණ්ඩායම හමුවේ අත්කරගත් 4-0 ක පරාජයද කියා පාන්නේ ඉදිරි සති තුනක කාලයේදී තව තවත් පෙරළි වලට සූදානම් වී  සිටින ලෙසය.

සීකෝ කියන්නේ බ‍්‍රසීලය සහ ආන්ටිනාව අවසන් තරගයට පිවිසෙනවා දැකීමට තමන් කැමති බවයි. එහෙත් පේලේගේ මනාපය අවසන් තරගයේදී උරුගුවේ පිල හමුවීමටය. එවිට 1950 ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට අත්කර දුන් ඉරණමේ වාඩුව ගැනීමට බ‍්‍රසීල පිලට පිළිවන.


අදහස් (0)

බ‍්‍රසීලයට විනෝදයේ හිරු පායයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.