Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවලින් ලැබුණු ආධාර මුදල් වංචා කළේ යයි ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී පවසා තමාට කළ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතාට විරුද්ධව කොළඹ දිසා අධිකරණය හමුවේ අද (21 වැනිදා) නඩුවක් පවරන ලදි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුර මෙන්ම ආසියානු පාපන්දු සමුළුවේ උපසභාපති ධූරයද දරා ඇති තමන් සුනාමියෙන් විපතට පත්වූවන්ට නිවාස තනා දීම සදහා විදේශ රටවලින් ලැබුණු ආධාර මුදල් වංචා කළ බව පැවසීම හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවූ බව පවසමින් මනිලාල් ප‍්‍රනාන්දු මහතා මෙම වන්දි නඩුව පවරා තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී රංජිත් රුද්‍රිගු මහතා තමා පිළිබද මෙම ද්වේශ සහගත ප‍්‍රකාශය කර ඇතැයි පවසන මනිලාල් ප‍්‍රනාන්දු මහතා එයින් තමාගේ කීර්තිනාමයට විශාල කැළලක් වී ඇතැයිද සදහන් කර තිබේ.
මේ පිළිබද විභාග කොට තමාට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 200 ක වන්දියක් අයකර දෙන්නැයි මනිලාල් ප‍්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.