Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මෙසීට 400 වැනි ගෝලය, නෙයිමාර්ට ති‍්‍රත්වයක්

මෙසීට 400 වැනි ගෝලය, නෙයිමාර්ට ති‍්‍රත්වයක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය 400 වැනි ගෝලය ලබාගත් ආජන්ටිනාවේ ලයනල් මෙසී  සහ ගෝල ති‍්‍රත්වයක් ලබාගත් බ‍්‍රසීල කී‍්‍රඩක නෙයිමාර් දෙදෙනාගේ විශිෂ්ට දස්කම් නිසා ස්පාඤ්ඤයේ පැවැත්වෙන ‘ලා ලීගා’ පාපන්දු තරගාවලියේදී නැවත වරක් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බාර්සිලෝනා පිල සමත් විය. සෙනසුරාදා ග්‍රෙනඩා පිලට එරෙහිව පැවැති තරගයේදී මෙම කී‍්‍රඩකයන් දෙදෙනා දැක්වූ දස්කම් හේතුවෙන් ග්‍රෙනඩා පිල පරදවා ගෝල 6-0 ක පහසු ජයක් අත්කර ගැනීමට බාර්සිලෝනා පිල සමත් විය.

මේ අතර කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ කී‍්‍රඩා කරන රියල් මැඞ්රිඞ් පිල බාර්සිලෝනා පිල ආසන්නයටම පැමිණ සිටී.

බාර්සිලෝනා සහ ග්‍රෙනඩා පිල අතර පැවැති තරගයේ 26, 45 සහ 66 වැනි විනාඩි වලදී ගෝල ලබාගැනීමට නෙයිමාර් සමත් වූ අතර 62 සහ 82 වැනි විනාඩි වලදී ගෝල ලබාගත් ලයනල් මෙසී තමන්ගේ ගෝල එකතුව 400 දක්වා ඉදිරියට ගෙන ගියේය. මේ අතර අයිවන් රකිටික් වෙතින් බාර්සිලෝනා පිලට තවත් ගෝලයක් ලැබුණ හෙයින් ග්‍රෙනඩා පිලට එරෙහිව ගෝල 6-0 ක ජයක් වාර්තා කළ හැකිවිය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට බාර්සිලෝනා පිල ගෝල 3-0 කින් ඉදිරියෙන් සිටි අතර නෙයිමාර් ඒවායින් දෙකකම හිමිකරුවා වී සිටියේය.

 


අදහස් (0)

මෙසීට 400 වැනි ගෝලය, නෙයිමාර්ට ති‍්‍රත්වයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.