Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ඩයලොග් ලීග් පළමු පෙළ පාපන්දු තරගාවලියේ අට වැනි සති අන්තයේ තරග වලදී නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව ගෝල 8-1 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යුද හමුදා කී‍්‍රඩකයෝ සමත් වූහ. මෙම තරගය කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
යුද හමුදාව 8-1 කින් නන්දමිත‍්‍ර පරදවයි.
සුගතදාස ක‍්‍රීඩාංගණයේදී නන්දමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව ගෝල 8-1 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ. යුද හමුදාව වෙනුවෙන් ඞී.එම්. ද සිල්වා සහ එන්.එම්. ඉසදීන් ගෝල තුන බැගින් වාර්තා කළ අතර තවත් ගෝල දෙකක් එස්.ඞී. විජේසිරි සහ සී.එස්. කුමාර ලබාගත්හ. නන්දිමිත‍්‍ර කණ්ඩායමේ එකම ගෝලය ඕ.ටී. ටෝනි ලබාගත්තේය.
නිගම්බූ යූත් පිල සෝන්ඩර්ස් පරදවයි
කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී නිගම්බූ යූත් කණ්ඩායම විසින් සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජය කරන ලදී. එම තරගයේ වාර්තා වූ එකම ගෝලය නිගම්බූ යූත් කණ්ඩායමේ ඩබ්ලිව්. ඒ. තරූෂ විසින් තරගයේ 61 වැනි මිනිත්තුවේදී වාර්තා කළේය.
කි‍්‍රස්ටල් පැලස්ට ගෝල 4-3 ක ජයක්
නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ පැවැති කි‍්‍රස්ටල් පැලස් සහ දොන් බොස්කෝ අතර තරගය කරට කර සටනකින් පසුව ගෝල 4-3 ක් වශයෙන් ජය ගැනීමට ක‍්‍රිස්ටල් පැලස් කණ්ඩායම සමත් විය. තරගයේ පළමු භාගයේදී ගෝල 3-1 ක් ලෙස පෙරමුණ ගැනීමට දෝන් බොස්කෝ කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රාහී කි‍්‍රස්ටල් පැලස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගෝල හතරම ඊ. අබා විසින් ලබාගැනීම විශේෂත්වයකි. දොන් බොස්කෝ කණ්ඩායම වෙනුවෙන් එම්.ජී. ඩුරෙල්, ඒ.එන්. ජනිත් සහ ඒ.පී. සිල්වා ගෝල වාර්තා කළේය.
ගුවන් හමුදාව 1-0 කින් තිහාරිය යූත් පරදවයි
කැලණිය පාපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේ පැවැති තරගයකදී තිහාරිය යූත් පිලට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබීමට ගුවන් හමුදාව සමත් විය. ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වූ ගෝලය තරගයේ 14 වැනි මිනිත්තුවේදී එස්.ඞී. ප‍්‍රනාන්දු ලබාගත්තේය.
නාවිකයෝ පොලිසිය පරදවති
කොළඹ පොලිස් ක‍්‍රීඩාංගණයේදී පොලිස් කණ්ඩාමට එරෙහිව ගෝල 2-1 ක ජයක් ලැබීමට නාවිකයෝ සමත් වූහ. මෙම තරගයේ පළමු භාගය දෙපිළම ගෝල රහිතව අවසන් විය. දෙවැනි භාගයේදී නාවික හමුදාව වෙනුවෙන් ජේ.ඞී. රත්නායක සහ එම්.සී. චමීර ගෝල වාර්තා කළහ. පොලිසිය වෙනුවෙන් වාර්තා වු එකම ගෝල ආර්.ජයවිලාල් විසින් තරගයේ 88 වැනි මිනිත්තුවේදී ලබා ගන්නා ලදී.
නිව් යංග්ස් 1-0 කින් රිනවුන් පරදවයි
වෙන්නප්පුව ඇල්බර්ට් එෆ් පීරිස් ක‍්‍රීඩාංගණයේදී රිනවුන් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට නිව් යංග්ස් කණ්ඩායම සමත් විය. නිව් යංග්ස් කණ්ඩායමේ එස්.එච්. තිසේරා තරගයේ 45 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත්තේය.
ජවාලේන් ගෝල 1-0 කින් මාතර පරදවයි
කොළඹ පාපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී මාතර කණ්ඩායමට එරෙහිව ගෝල 1.0 ක් ලෙස ජය වාර්තා කිරීමට ජාවාලේන් කණ්ඩායම සමත් විය. එහිදී වාර්තා වූ එකම ගෝලය තරගයේ 6 වැනි මිනිත්තුවේදී මාධව රුවන්සිරි විසින් වාර්තා කරන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.