Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට

ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට

ශනුක අරවින්ද - 2017 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ගෝල 0-0 ක් ලෙසින් අවසන් වීමත් සමගින් ස්වීඩන් කණ්ඩායම 2018 දී රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.

ලෝක කුසලාන පාපන්දු තරග ආරම්භ වූ 1930 තරගාවලියේදී සහ 1958 දී හැරෙන්නට අන් සියලුම අවස්ථාවන්හිදී ඉතාලිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබේ. 1930 දී ක්‍රීඩා නොකළ නමුත් 1934 දී සහ 1938 දීත් පසුව 1982 දී සහ 2006 දීත් ජූල්ස් රිමේට් කුසලානය තමන් සතුකරගන්නට ඉතාලියානුවෝ සමත් වූහ.

ඉකුත් සඳුදා (13 වැනිදා) රාත්‍රියේ මිලාන් නුවරදීම ස්වීඩන් පිලට එරෙහිව පැවැති තරගය ජයගත නොහැකි වීමෙන් පසුව කඳුළු පිරි දෙනෙතින් ක්‍රීඩාංගණයෙන් පිටව ගිය ඉතාලි පාපන්දු නායක ගියන්ලුයිජි බෆන් අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඉතාලිය සහ ස්වීඩනය අතර පැවැති තරග දෙකකදී ස්වීඩනය ගෝලයක් ලබාගත් අතර තරග දෙකේදීම ඉතාලියට ගෝලයක් ලබාගත නොහැකි විය.

වසර 2006 දී ලෝක කුසලාන දිනාගත් නමුත් ඉන් පසුව පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම (2010 සහ 2014) ඉතාලිය පළමු වටයෙන්ම ඉවතට විසිවිය. මෙවර අවසන් කණ්ඩායම් 32 අතරට එක්වීමට නොහැකිවීම ඉතාලි පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ලෙස හැඳින්වේ.

“පසුගිය අවුරුදු 60 පුරාම ඉතාලියේ ක්‍රීඩාව මුහුණ දුන් බරපතළම කඩාවැටීම මෙයයි. ඒත් මේ සම්බන්ධයෙන් පුහුණුකරුවාට විතරක් දෝෂාරෝපණය කරන්න බෑ” යයි රෝමයේ හිටපු නාගරාධිපතිවරයෙක් පැවසීය.

ඉතාලි පාපන්දු කණ්ඩායමේ නායක ගියන්ලුයිජි බෆන් බවසන්නේ එය තමන්ගේ පෞද්ගලික පරාජයකට වඩා ජාතික ව්‍යසනයක් බවයි.

මේ අතර ඉතාලි පාපන්දු පිලේ කළමණාකරු ගියාන් පියරෝ මහතා තමන්ගේ අනාගතය පිළිබඳ කල්පනා කරමින් සිටී. “මට මුකුත් හිතාගන්න බෑ. මේක දරාගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙමේ” යයි ඔහු කියයි. තමන්ගේ කණ්ඩායම නොමැතිව මොන හිතකින් ලෝක කුසලාන තරගාවලිය නරඹන්නද යි ඉතාලි වැසියෝ විමසමින් සිටිති.

“මේ සේරටම වගකියන්න ඕනෙ වෙන්චුරාම (කළමණාකරු) නෙමේ. රොබර්ටෝ බාජ්ජියෝ, ඇලෙක්සැන්ඩර් ඩෙල් පියරෝ නැත්නම් ටොටී වගේ විශිෂ්ට ක්‍රීඩකයන් දැන් අපට නෑ. ඒ වගේ ක්‍රීඩකයක්ට අපි ආදේශක හොයාගෙන නෑ” යයි තරුණ රෝමානුවෙක් පැවසීය.


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.