Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශී‍්‍ර ලංකා පාපන්දු තරු 12 ක් මැන්චෙස්ටර් යයි

ශී‍්‍ර ලංකා පාපන්දු තරු 12 ක් මැන්චෙස්ටර් යයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුසලතා වලින් පිරිපුන් තරුණ පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගැනීමේ අරමුණ ඇතිව ක‍්‍රියාත්මකවූ ‘එයාර්ටෙල් නැගෙන තරු’ වැඩසටහනේ දෙවැනි අදියරේදී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් විසින් තෝරාගන්නා ලද පාපන්දු කී‍්‍රඩකයන් 10 දෙනෙකුට සහ කී‍්‍රඩිකාවන් දෙදෙනකුට මැන්චෙස්ටර් යුනයිටඞ් කණ්ඩායම සමග පුහුණුවීම් කිරීම සඳහා අවස්ථාව හිමිවී තිබේ.

යාපනය, කොළඹ, මන්නාරම, අනුරාධපුර, ත‍්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, හැටන්, නුවර, කළුතර, මාතර, මීගමුව, කිලිනොච්චිය සහ කල්මුණේ යන ප‍්‍රදේශවලදී මෙම වැඩසටහනේ මූලික වටයේ තෝරාගැනීම් පැවැත්විණ. එම ප‍්‍රදේශවල තේරීම් මධ්‍යස්ථාන 14 කදී තෝරාගැනීම් සඳහා සහභාගීවූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් ඉහළම දක්ෂතා පෙන්නුම් කළ 48 දෙනෙක් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබූහ.

මෙම 48 දෙනා වැඩිදුර පුහුණුවීම් සඳහා කොළඹට කැඳවාගෙන එන ලද අතර එහිදී මැන්චෙස්ටර් යුනයිටඞ් පුහුණුකරුවන් විසින් ඔවුන්ට ක‍්‍රීඩාවේ විනය, තාක්‍ෂණය, පෝෂණය, පුහුණු විධික‍්‍රම ඇතුළත් පූර්ණ පුහුණුවක් ලබාදෙන ලදි. පුහුණුව තුළදී පිලකට 6 දෙනා බැගින් වූ තරග මෙන්ම අවසානයේදී පිලකට 11 දෙනෙකු බැගින් වූ තරගයක්ද පැවැත්විණි.

අවසාන අදියරෙන් අනතුරුව තෝරාගනු ලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 12 දෙනා මේ වසරේ ඔක්තෝබර් මාසයේදී සති දෙකක පුහුණුවක් සඳහා ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ්හි මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු පාසල බලා පිටත්ව යනු ඇත. එහිදී ඔවුන්ට මැන්චෙස්ටර් යුනයිටඞ් පිළේ වේන් රූනී, රොබින් වෑන් පෙරිසි සහ ජුආන් මාතා වැනි විශිෂ්ට සාමාජිකයන් හමුවීමේ භාග්‍යයද හිමිවේ.

චාමර ද සිල්වා, ඒ. ජී. උදාර, සුරංග දිනූශාන්, ඞී. එස්. ඒ. ජනිත් පියුමාල්, එම්. රික්ශාන්, මොහමඞ් නිෆාස්, අශේන් ජීවන්ත, ලක්මාල් ප‍්‍රනාන්දු, සංජුල තිලාන්, ඩිල්ශාන් තරිඳු එම කී‍්‍රඩකායෝ 10 දෙනා වන අතර කේ. පී. එස්. පෙරේරා සහ සකුරා සෙව්වන්දි ඊට ඇතුළත්ව සිටින කී‍්‍රඩිකාවන් දෙදෙනා වෙති.

ඡයාරූප - ඉෂාන් සංජීව

- 036


අදහස් (0)

ශී‍්‍ර ලංකා පාපන්දු තරු 12 ක් මැන්චෙස්ටර් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.